ශ්‍රී ලාංකීය ඔබේ විශ්ව දැනුම් සාගරය

© Lanka Danweem Pituwa 2008-2009
ඔබගේ දැන්වීම් ඉතාම ලෙහෙසියෙන් පහසුවෙන් නොමිලේ
පලකරවා ගත හැකි හොදම තැන.

Best place to advertise your Ads free.

No needs to logging, no needs to signing just go to following link and Submit.

Submit Your Ads here
ශ්‍රී ලංකාවේ සහ  ලෝකයේ විවිධ මාධ්‍යයන් ඔස්සේ පලවන වැදගත් උනුසුම් පුවත් එක්තැන් කල වෙබ් පුවත් පිවිසුම

යාල්දේවි දුම්රිය මාර්ගයේ වැඩ ඇරඹේ. 
2009 මාර්තු 24

යාල් දේවී දුම්රිය යළිත් කොළඹ කොටුවේ සිට කන්කසන්තුරේ දක්වා ධාවනය කරලීමේ නව වැඩපිලිවෙළ උතුරු මිතුරු නමින් හඳුන්වා දෙයි.ඒ සදහා ආරම්භ කර ඇති අරමුදලට පරිත්‍යාගයන් කර සහභාගීවිමට ඔබටද හැකියාව ඇත.

මෙයට සම්බන්ධිත වෙනත් පුවත් .......  LeNews  Dinamina  SL.Gov.News
පෙම් හබයක් දුර දිග යයි ඛේදවාචකකින් අවසන් වේ.
2009 මාර්තු 26

නාරාහේන්පිට පොලිස් රෝහලේ දී තැබූ වෙඩි පහරකින් පෙම්වතා මියයයි. 

මෙයට සම්බන්ධිත වෙනත් පුවත් ......   LeNews    Dinamina
නව රියදුරු බලපත්‍රය නිකුත් කරයි
2009 මාර්තු 27

නව ශ්‍රී ලංකා රියදුරු බලපත්‍රය අද දින සිට නිකුත් කෙරේ. මෙය ස්මාර්ට් කාඩ් ලෙස නම් කර ඇත. ISO 18013 ප්‍රමිතින් ය‍ටතේ නව ආරක්ෂන ක්‍රම සහිතව මෙය හදුන්වා දෙන බව මොටර් රථවාහන දෙපාර්තමේන්තුව පවසයි.


මෙයට සම්බන්ධිත වෙනත් පුවත් ...... SL.Gov.news    Dinamina    col: පේජ්           
හිටපු මහේස්ත්‍රාත් වරියකට වසර 45 ක සිර දඩුවමක්
2009 මාර්තු 27


ගාල්ල හිටපු මහේස්ත්‍රාත් වරියක් සේවා කලයතුලදී දඩ ලේඛණවල වෙනස් කිරීම් සහ මුදල් වංචා කිරීම සම්බන්ද චෝදනාවලට වැරැදිකාරියක වූවාය. වැරදි කාරියක වු ඇයට වසර 45 ක සිරදඩුවම් හා රුපියල් 60,000 ක දඩ මුදල් අධිකරණය නියම කර ඇත.

මෙයට සම්බන්ධිත වෙනත් පුවත් ......   Lankatruth   LeNews   
චාල්ස් ඇන්තනී බරපතල තුවාල ලබයි
2009 අප්‍රේල් 01


එල්ටීටීඊ නායක වේලූපිල්ලේ ප්‍රභාකරන්ගේ පුත් චාල්ස් ඇන්තනී බරපතල තුවාල ලබා ඇතැයි හමුදා මාධ්‍ය අංශ පවසයි. 
ගුවන් ඉංජිනේරුවරයෙකු ලෙස විදේශ පුහුණුවක් ලබා ඇති ඔහු එල්ටීටීඊ ගුවන් ප්‍රහාරක අංශයේ මෙහෙයුම් කටයුතු බාරව සිට ඇත. චාල්ස් ඇන්තනීගේ වයස වයස අවුරුදු 23 ක් පමණ වේ.

මෙයට සම්බන්ධිත වෙනත් පුවත් ......  Sl.Gov.News    LeNews
මෙරට ප්‍රථම වෘර්තීය පුහුණු විශ්ව විද්‍යාලය අද දින විවෘත වේ.
2009 මාර්තු 31

රත්මලානදි ජනාධිපති තුමා අතින් අද විවෘත වන මෙම විශ්ව විද්‍යාලය ප්‍රධාන අධ්‍යන පීඨ දෙකකින් සමන්විත වේ.පුහුණු තාක්ෂණ පීඨය සහ වෘත්තීය පීඨය ලෙස ආරම්භ වන මෙම  විශ්ව විද්‍යාලය ඉදිකිරීමට රුපි. මිලියන 340ක පමණ මුදලක් වියදම් දරා ඇත. 

මෙයට සම්බන්ධිත වෙනත් පුවත් .......   Dinamina    Lankadeepa                        
ලෝකයේ විශාලම ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමේ මෙහෙයුම
2009 අප්‍රේල් 20


හමුදා විශේෂ කාර්ය බලකා,කොමාන්ඩෝ සහ පාබල සේනා එක්ව පුතුමාතලන්හී  ත්‍රස්තයන් විසින් ඉදිකරන ලද පස් බැම්මක් කඩා බිඳ දමමින් සිවිල් වැසියන් 35,000 අධික පිරිසක් අද දින බේරාගන්නා ලදි.

පස් බැම්ම බිඳ දමා හමුදා සෙබළුන් යුද මුක්ත කලාපයට පැමිණිමත් සමඟ එල්ටීටීඊය විසින් බලහත්කාරයෙන් රඳවා ගෙන සිටි සිවිල් වැසියන් එයින් මිදී මුදාගත් ප්‍රදේශයට පැමිණීමට දස දහස් ගනනින් එක්රොක් විය.

මෙයට සම්බන්ධිත වෙනත් පුවත් ......   Google News     SL.Gov.News       ලඊනිවුස්                    
බස්නාහිර පළාත් සභා මැතිවරණය
2009 අප්‍රෙල් 26

බස්නාහිර පලාත් සභා ප්‍රදේශිය සභා මැතිවරණය ඊයේ දි‍නයේදී (25) පෙරවරු 7 ට ඇරැඹින.

2009 බස්නාහිර පළාත් සභා මැතිවරණයේ මැතිවරණ කොමසාරිස් කාර්යාලය මඟින් නිකුත් කරන ලද සමස්ථ නිල ඡන්ද ප්‍රතිඵලය පහත දැක්වේ.

බස්නාහිර පළාත් සභාව- සමස්ත ඡන්ද ප්‍රතිඵලය පහත පරිදි වේ.

එක්සත් ජනතා නිදහස් සන්ධාන -  15,06,115 (64.73%) ආසන - 68
එක්සත් ජාතික පක‍ෂය -               6,88,253 (29.58%) ආසන - 30
ජනතා විමුක්ති පෙරමුණ -                  56,384 (2.42%) ආසන - 01
මුස්ලිම් කොංග්‍රසය -                          49,388 (2.12%) ආසන - 01
ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් පෙරමුණ -         11,970 (0.51%) ආසන - 01

ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව -   38,20,214
ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණය -    24,15,879
වලංගු ඡන්ද ප්‍රමාණය -       23,26,886

මෙයට සම්බන්ධිත වෙනත් පුවත් ... Asiantrubune  lankaenews  

රටවල් කිහිපයක පැතිර යන වෛරස් උණ රෝගයක්
2009 අප්‍රේල් 28

මෙක්සිකෝව හා තවත් රටවල් කිහිපයක වෛරස් උණ රෝගයක් පැතිර යමින් පවතී.මෙය සුකර උණ හෙවත් ඌරු උණ ලෙස හදුන්වයි. මීට පෙර චිකන් ගුන්යා හා පිස්සු ගව රොගය මෙන්ම දරුණු මෙන්ම මාරාන්ත්ක බෝවන උණකි.

ඒ අතරතුර ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයකම ඩෙංගු උණ රෝගය පැතිරෙමින් තිබේ. මේ හේතුව නිසාවෙන් ශ්‍රී ලංකාවේ වසංගත රෝග මර්ධන අංශයේ උපදෙස් පරිදි  ඩෙංගු මර්ධන සතියක් ආරම්භ කර ඇත.අප සැමගේ වගකිම අප අවට පරිසරය පිරිසිදුව තබා ගැනීමයි.

මෙයට සම්බන්ධිත වෙනත් පුවත් ... CNN   Dinamina   eThalaya  

lanka danweem, schools,Temples,small business,
he American Embassy in Beijing says four U.S. citizens are now or have been quarantined in China due to swine flu fears.

Embassy spokeswoman Susan Stevenson said Tuesday two of the Americans were in Beijing while the other pair were in the southern province of Guangdong.

Stevenson declined to go into specifics of the individual cases, citing privacy reasons, but said only two of them remained in quarantine.

She said they were either placed under quarantine because of flu-like symptoms or because they were close to "cases of interest to the Chinese authorities."

Mexican officials have accused Beijing of treating their citizens unfairly after China quarantined 70 Mexican travelers, even those without symptoms.
ෆාරා 11 නෞකාව විර යුද හමුදාව අත්පත් කරගනී.
2009 මැයි 14


එල්ටීටීඊය ත්‍රස්තයන් විසින් 2006දී පැහැරගනු ලැබු මුලතිව් මුහුදු තීරයට ගෙන එන ලද ෆාරා III නැව දරුණු සටනකින් පසු ව 14වැනි ‍‍‍දා පස්වරුවේ ආරක්ෂක හමුදාවේ 58වන සේනාන්කයේ මුලිකත්වයෙන් සියතට ගත් බව මුලතිව් ඉදිරි යුද පෙරමුණෙන් වාර්තා වේ.

මෙයට සම්බන්ධිත වෙනත් පුවත් .. Govnews     Dinamina


තුන් සිංහලයම එක්සත් විය
 2009 මැයි 20
වසර 30ක් තිස්සේ ශ්‍රී ලාංකිය දේශය රුදුරු කොටි ත්‍රස්තවාදීන්ගේ බිහිසුනු ත්‍රස්ත්‍ර ක්‍රියාවන්ට ගොදුරුව දස දහස් ගණන් අහිංසක රටවැසියන්ගේ ජීවිත බිලිගෙන රටේ අසිමිත සම්පත් විනාශ කර දියුණුවේ මන් අහුරමින් හමා ගිය අදුරු යුගය නිමා කර නැවතත් එක්සත් ශ්‍රී ලංකාවක් ඇති කිරීමට මහින්ද රාජපක්ෂ ජනපතිදුන් ප්‍රමුක තිවිධ හමුදා රනවිරුවන්ට අද දින හැකියාව ලැබුනි. කොටි ත්‍රස්ත නායකයා ඇතුළු සියළු කොටි සංවිධානයේ ක්‍රියාකාරීන් විනාශ කර දෙමළ ජනතාව පවා අප්‍රසන්නව ප්‍රතික්ශේප කරන කො‍ටි සංවිධානය නැවත කිසි දිනක ලංකා ධරණී තලය තුල ඇතිනොවන ලෙස අතුගාදැමු වත්මන් ජනපතිදුන්ට මෙන්ම රණවිරුවන්ට සියළු ලක්වැසියන්ගේ හදපිරි ප්‍රණාමය මෙන්ම ණයගැතිබාවය හිමි විය යුතුය.
Help end world hunger
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ඡන්දයෙන් ශ්‍රී ලංකාවට ජය..
2009 මැයි 28 
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාවේ ගැටලූව සම්බන්ධයෙන් ආසියාවත් යුරෝපයත් අතර වූ සටනෙන් ශ්‍රී ලංකාව ප්‍රමුඛ ආසියාව ජයග්‍රහණය කළේය.

දින දෙකක් තිස්සේ පැවැති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට යෝජනා වූ ප්‍රධාන යෝජනා දෙක නම් 
ස්විට්සර්ලන්තය ප්‍රමුඛ යුරෝපය යොජනා කළ ශ්‍රී ලංකාවේ යුද්ධයේදී මානව හිමිකම් කඩවීම් පිළිබඳව පරීක‍ෂණයක් පැවැත්වියයුතුය  හා 
ඉන්දියාව, ශ්‍රී ලංකාව ප්‍රමුඛ ආසියාව යෝජනා කළ යුද්ධයෙන් අවතැන්වූවන්ට ක‍ෂණික ආධාර කිරීමට ප්‍රමුඛතාවය දිය යුතුය යන්නය.

රටවල් 47 ක සාමාජිකත්වයකින් හෙබි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාව ප්‍රමුඛ ආසියාව ඉදිරිපත් කළ යෝජනාවට පක‍ෂව රටවල් 29 ක් ඡන්දය දුන් අතර රටවල් 12 ක් විරුද්ධව ඡන්ද දුන්හ. රටවල් 6 ක් ඡන්දය දීමෙන් වැලකී සිටියහ. මේ අනුව වැඩි ඡන්ද 17 කින් ශ්‍රී ලංකාව ප්‍රමුඛ ආසියාවේ යෝජනාව ජයග්‍රහණය කළේය.

මෙයට සම්බන්ධිත වෙනත් පුවත් ...... A.Tribune
රණවිරු උත්තමාචාර ජාතික මහා උත්සවය
2009 ජුනි 03

දශක ගණනාවක් මුළුල්ලේ පැවති රුදුරු ත්‍රස්තවාදී ග්‍රහණයෙන් රට මුදාගැනීමේ විජයග්‍රහණය අද (මැයි 03) අතිගරු ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ගාලු මුවදොර පිටියේදී අති උත්කර්ශවත් අන්දමින් සැමරිනි.

මෙම අවස්ථාව සඳහා අතිගරු ජනාධිපති තුමන්, අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතා, කතානායක විජමු ලොකුබණ්ඩාර මහතා, විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු  මැති ඇමතිවරු ද, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා, ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පතිවරයා සහ සිවිල් ආරක්ෂක බලකායේ ප්‍රධානියා ද ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

මෙයට සම්බන්ධිත වෙනත් පුවත් ... Enews  defencelk


My PageRank?