Wednesday, June 6, 2018

අමෙරිකා සහ උතුරු කොරියා සමුළුව 2018 ජුනි 12 දින

අමෙරිකානු ජනපතිවරයා සහ උතුරු කොරියානු නායකයා අතර සමුළුව මෙමස 12 වන දා සිංගප්පූරු වේලාවෙන් උදෑසන 9.00 පැවැත්වීමට තීරණය කර තිබේ.

තවදුරටත් සබඳතා ගොඩනගමින් ඉදිරියටම යා යුතුබව උතුරු කොරියානු ධූත පිරිස විසින් අමෙරිකානු ජනපතිවරයා වෙත ලබා දුන් ලිපියේ සඳහන්ව ඇතැයි ධවල මන්දිර මාධ්‍ය ප්‍රකාශිකා සාරා සැන්ඩර්ස් පවසා ඇත.

නායක හමුව සිංගප්පුරුවේ තරු පහේ හෝටලයක් වූ කපෙලා (Capella) හිදී පැවැත්වෙනු ඇති බව ධවල මන්දිරයේ ප්‍රවෘත්ති ලේකම් ට්විටර් පණිවුඩයකින් තහවුරු කර තිබේ.

සිංගප්පුරුව නිර්මාණය වී තිබෙන්නේ දුපත් 63 ක එකමුතුවකින් අතර Santos දුපත් ඉන් එකක් වනවා. කෙසේ වුවත් මෙම දුපත සිංගප්පුරුවේ ප්‍රධාන ගොඩබිමට ආසන්නයේ පිහිටා තිබෙනවා.

ඊට අමතරව දෙවන ලෝක යුධ සමයේදී ජපානය විසින් සිංගප්පුරුව ආක්‍රමණය කිරීමෙන් පසුව Santos දුපතේ මහා මිනිස් සංහාරයක් සිදුවූ බව සාක්ෂි තිබෙනවා.