Saturday, July 7, 2018

HOT NEWS 07/07/2018



ලන්ඩන් නගරයේ අධි සුඛෝපභෝගී මහල් නිවාස හතරක් මිලදී ගැනීමේදී සිදු කළ දූෂණ සම්බන්ධයෙන් පාකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ්ට එරට අධිකරණය විසින් වසර 10ක සිර දඬුවමක් නියම කර තිබේ.
වගවීම පිළිබඳ ජාතික කාර්යාංශයේ (NAB) අධිකරණය විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවේ දීර්ඝ ප්‍රමාදයකින් පසුවය.
ඔහුගේ දියණිය වන මාරියම් නවාස් ෂරීෆ්ට වසර හතක සිර දඬුවමක් සහ ඔහුගේ බෑනා වන සෆ්දාර් අවාන්ට වසරක සිර දඬුවමක් නියම කෙරිණ.bbc news


උණු වෙමින් පවතින තාර ටයරවල දැවටීම නිසා ඕස්ට්‍රේලියාවේ මාර්ගයක රියදුරන්ට වාහන අතහැර දමා ඉවතට යෑමට සිදුව තිබේ.
ක්වීන්ස්ලන්ඩ්හි (Queensland) සිදුවූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් මෝටර් රථ හිමියන් 50 දෙනෙකුට පමණ වන්දි ලබා ගත හැකි බව වාර්තාවක සඳහන් වේ.


No comments:

Post a Comment

Blog Archive