Showing posts with label දැනුම. Show all posts
Showing posts with label දැනුම. Show all posts

Monday, February 6, 2023

How to Handle Nuisance Calls - කරදරකාරී දුරකතන ඇමතුම් හසුරුවන්නේ කෙසේද

Remain calm and do not respond in any way to the caller.

Do not enter into a conversation and especially do not reveal any personal information about yourself or your household.

If the caller phones you repeatedly, do not speak first; genuine callers will identify themselves.

If you have the Caller Line Identification (CLI) facility on your phone, note down the caller's number, date & time of the call for future reference.

If the problem persists, contact your Regional Telecom Office.


සන්සුන්ව සිටින්න සහ අමතන්නාට කිසිම ආකාරයකින් ප්රතිචාර නොදක්වන්න.

සංවාදයකට ඇතුළු නොවන්න සහ විශේෂයෙන් ඔබ හෝ ඔබේ පවුලේ අය පිළිබඳ පුද්ගලික තොරතුරු කිසිවක් හෙළි නොකරන්න.

අමතන්නා ඔබට නැවත නැවතත් කතා කරන්නේ නම්, පළමුව කතා නොකරන්න; සැබෑ අමතන්නන් තමන්ව හඳුනා ගනීවි.

ඔබගේ දුරකථනයේ ඇමතුම් රේඛා හඳුනාගැනීමේ (CLI) පහසුකම තිබේ නම්, අනාගත පරිශීලනය සඳහා අමතන්නාගේ අංකය, ඇමතුමේ දිනය සහ වේලාව සටහන් කරන්න.

ගැටලුව දිගටම පවතින්නේ නම්, ඔබේ ප්‍රාදේශීය ටෙලිකොම් කාර්යාලය අමතන්න.

Monday, June 11, 2018

පියාඹන මෝටර් රථ සිහිනය



රථවාහන තදබදය ශ්‍රී ලංකාවේ මෙන්ම සෑම  රටකම තිබෙන ප්‍රීඩාකරී ප්‍රශ්නයක්.  මෙයට පිලියම් සේවීමට ලොකයේ දියුනු රටවල් විවිධ පරේෂන පවත්වනවා.ලොව ප්‍රකට ගූගල් වෙබ් අඩවියේ සම නිර්මාතෘවරයෙකු වන ලැරී පේජ්ගේ මූලිකත්වයෙන් මේයට පිලියමක් ලෙස ආරම්බ වූ පියාඹන මෝටර් රථ තැනීමේ ව්‍යාපෘතිය මේ වන විට සාර්ථක වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තාකර ඇත.

මෙම පියාඹන මෝටර් රථය ලිතියම් පොලිම්ර් බැටරියකින් පණ ගැන්වෙන අතර එය වරක් ආරෝපණය කළ පසු මිනිත්තු 20 ක කාලයක් පුරා රථය ධාවනය කළ හැකි බව එහි නිෂ්පාදකයෝ පවසති.
 මෙම ව්‍යාපෘතිය නම් කර තිබේන්නේ කිටී හේක නමින්(kitty hawk)

පරේෂන මට්ටමින් නිපදවා ඇති මෙම රථය කිලෝග්‍රෑම් 100 ක් පමණ අතර පැයට කිලෝමීටර් 40 ක හෙවත් පැයට සැතපුම් 25 ක වේගයකින් පියාසර කළ හැකිය.

මෙම මොටර් රතය ඔනැම අයෙකුට සුළු පුහුනුවකින් පසු පැදවිය හැකි බවත් සදහන්.



Wednesday, June 6, 2018

ශ්‍රී ලංකාවේ වියාපාරක් ලියාපදිංචි කිරීවේදී දැනගතයුතු කරුණු

වියාපාරයක් ලියාපදිංචි කිරීමේදී දැනගතයුතු කරුණු


ව්‍යාපාර වර්ගය කුමක්ද
තනි පුද්ගල ව්‍යාපාරක්ද ,
හවුල් ව්‍යාපාරයක්ද
සමාගමක්යද යන වග මුලින්ම තීරනය කලයුතුයි.

ව්‍යාපාර ස්වාභාවය වෙළඳාමක්, ආනයන/ අපනයන කිරීමක් හෝ නිෂ්පාදනයක් නම් වෙළදාම් කරනු ලබන, ආනයන/ අපනයන හෝ නිෂ්පාදනය කරනු ලබන භාණ්ඩ පැහැදිලිව සදහන් කල යුතුය.

ව්‍යාපාර ස්වාභාවය කාමර/නවාතැන් පහසුකම් සැපයීම, සම්භාහන මධ්‍යස්ථාන/ගෙස්ට් හවුස් වැනි අවස්ථාවලදී ව්‍යාපාරයට අදාළ පොලිස් වසමෙන් ලබා ගත වාර්තාව ඉදිරිපත් කල යුතුය.

ඖෂධ, සුවඳ විලවුන් උපකරණ අලෙවියේදී සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නියම කර ඇති වෛද්‍ය තාක්ෂණ හා සැපයීම් අධ්‍යක්ෂ කාර්යාලයේ නිර්දේශය

ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර සැපයීමේදී සේවය කරන බවට ආයුර්වේද වෛද්‍යවරයාගේ ලිපිය සහ ආයුර්වේද වෛද්‍ය සභාව විසින් නිකුත් කල හැදුනුම්පතේ පිටපත

වෘත්තීමය කටයුතු සම්බන්ධයෙන් වන ව්‍යාපාරයන්හීදී අදාළ වෘත්තීය සුදුසුකම් සනාථ කෙරෙන සහතිකයන්හි ඡායා පිටපත්

රුපලවන්‍යගාර සහ ස්පා සම්බන්ධයෙන් අදාළ පුහුණු සහතික

පෙර පාසැල් හා ළමා රැකවරණ මධ්‍යස්ථාන සදහා මුල් ළමාවිය සංවර්ධන සහකාරගේ නිර්දේශය

අදාළ ඉල්ලුම්පත්‍රය සමග ඉදිරිපත් කල යුතු ලියවිලි


  •     ග්‍රාම නිලධාරී වාර්තාව

මෙය අදාළ ඉල්ලුම්පත්‍රය සමග නිකුත් කරනු ලැබේ.
ව්‍යාපාර ස්ථානයට අදාළ වසම භාර ග්‍රාම නිලධාරී විසින් අත්සන් කර ප්‍රාදේශීය ලේකම් අනු අත්සන් කර තිබීම අනිවාර්ය වේ.
අදාළ ග්‍රාම නිලධාරී වාර්තාවේ කපා හැරීම්, මැකීම්, මකන දියර භාවිතා කිරීම් සිදු කර ඇත්නම් එකී ස්ථානයේ ග්‍රාම නිලධාරී විසින් සියඅත්සන යොදා නිල මුද්‍රාව තැබිය යුතුය.



  •     ජාතික හැදුනුම්පතේ ඡායා පිටපත


ඉල්ලුම්කරු ශ්‍රී ලාංකික පුරවැසියකු විය යුතුය. ද්විත්ව පුරවැසිභාවය දරන්නේනම් සනාථ කල යුතු ලියවිලි ඉදිරිපත් කල යුතුය.

විදේශ ගමන් බලපත්‍ර/ රියදුරු බලපත්‍ර පිටපතක් ඉදිරිපත් කල හැක්කේ ජාතික හැඳුනුම්පත අපැහැදිලි අවස්ථාවලදී එය තහවුරු කිරීම සදහා පමණි.

ජාතික හැඳුනුම්පත අස්ථානගත වී ඇත්නම් එකී පුද්ගලයාගේ පදිංචි වසමේ පොලිස් ස්ථානාධිපති වෙතින් ලබා ගත පොලිස් වාර්තාව ඉදිරිපත් කල යුතුය.

ජාතික හැඳුනුම්පත නැවත ලබාගැනීම සදහා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වෙත ලබා දී ඇත්නම් ඒ බව සනාථ කිරීම සදහා ග්‍රාම නිලධාරී විසින් සහතික කර නිකුත් කරන ලද කුවිතාන්සිය ඉදිරිපත් කල යුතුය.


  •     අදාළ ව්‍යාපාර ස්ථානය තහවුරු කිරීම


තමාට අයත් වන්නේ නම් එම ඔප්පුවේ මුල් පිටපත සමග නොතාරිස්වරයකු විසින් සත්‍ය පිටපතක් බවට සහතික කල ඡායාස්ථ පිටපතක් ඉදිරිපත් කල යුතුය.

බදු/ කුලී ගිවිසුමක් යටතේ පවත්වාගෙන යන්නේ නම් එකී ගිවිසුමේ මුල් පිටපත් සමග නොතාරිස්වරයකු විසින් සත්‍ය පිටපතක් බවට සහතික කල ඡායාස්ථ පිටපතක් ඉදිරිපත් කල යුතුය.(ඉහත කී අවස්ථාවන්හීදී එහි මුල් පිටපතද ඉදිරිපත් කල යුතු අතර එය අදාළ ඡායාස්ථ පිටපත සමග සසදා ආපසු භාර දෙනු ලැබේ.)

ව්‍යාපාර ස්ථානයට අදාළ ඔප්පුව යම් බැංකුවක්/ මුල්‍ය ආයතනයක් වෙත උකස් කර ඇත්නම් එම ආයතනය විසින් සහතික කරනු ලැබූ ඡායාස්ථ පිටපතක් ඉදිරිපත් කල යුතුය.

යම් ව්‍යාපාර ස්ථානයක් අයිතිකරුගේ කැමැත්ත මත පමණක් පවත්වාගෙන යන්නේ නම් අදාළ ඔප්පුවේ සහතික පිටපතට අමතරව එකී ව්‍යාපාර ස්ථානයේ අයිතිකරු/ අයිතිකරුවන් වෙතින් ඒ සදහා විරුද්ධත්වයක් නොමැති බවට ලිපිය සහ එකී තැනැත්තා/ තැනැත්තන්ගේ ජාතික හැඳුනුම්පත්/ විදේශ ගමන් බලපත්‍රයේ/ රියදුරු බලපත්‍රයේ පිටපතක් ඉදිරිපත් කල යුතුය.

ඉහත කී ලේඛන මගින් ව්‍යාපාර ලිපිනය තහවුරු නොවන අවස්ථාවලදීඅදාළ ග්‍රාම නිලධාරී විසින් එකී ලිපිනයන් තහවුරු කිරීමේ ලිපියක් ඉදිරිපත් කල යුතුය. ආසන්නතම වර්ෂයට අදාළ තක්සේරු දැන්වීමේ පිටපතක් ද මෙහිදී ඉදිරිපත් කල හැක.


  •     හවුල් ව්‍යාපාර ගිවිසුමක් ඇතොත් එහි පිටපතක්


රෙජිස්ට්‍රාර් විසින් අවස්ථානුකුලව කැඳවිය හැකි වෙනත් ලියවිලි ඇතොත් ඒවා

මෙහිදී රෙජිස්ට්‍රාර් විසින් නියම කරනු ලබන ඉහත කී ලියවිලි වලට අමතර වෙනත් ලියවිලි ද කැඳවිය හැක.

 ව්‍යාපාරයක් ආරම්භ කර දින 14 ක් ඇතුලත හෝ රෙජිස්ට්‍රාර්වරයා විසින් ඉඩ දෙනු ලබන කාල සීමාවක් ඇතුලත (මෙහීදී දින 30ක් දක්වා සහන කාලයක් දෙනු ලැබේ.) ලියාපදිංචිය සිදු කල යුතු අතර නියමිත කාලය ඉකුත්වී ඉදිරිපත් කරන අයදුම්පත් සදහා ප්‍රමාද ගාස්තුවක් අය කරනු ලබන අතර එකී ගාස්තුව තීරණය කරනු ලබන්නේ රෙජිස්ට්‍රාර්වරයා විසින් පමණි.