Showing posts with label දේශිය පුවත්. Show all posts
Showing posts with label දේශිය පුවත්. Show all posts

Thursday, May 12, 2022

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දෙයි



එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා නව අග්‍රාමාත්‍ය වරයා වශයෙන් පත්කිරීරමෙන් පසුව නව අගමැති ධුරයේ දිවුරුම් දෙයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී අද (12) පස්වරුවේ දිවුරුම් දීම සිදු විය.

රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයට පත්වු 6 වැනි අවස්තාව මෙන්ම ලංකා වේ 26 වැනි අග්‍රාමාතය වරයාද  වේ.



Monday, May 9, 2022

මහින්ද රාජපක්ෂ මහතා අගමැති දුරයෙන් ඉල්ලා අස්වෙයි



අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වන බව අද(09/05/2022) ප්‍රකාශ කළේය. ඔහුගේ ඉල්ලා අස්වීම සිදුවන්නේ රටේ අසාර්ථක ආර්ථිකය සම්බන්ධයෙන් අගමැතිවරයාට ධුරයෙන් ඉවත් විය යුතු බවට මහජනතාවගේ ඉල්ලීම් මධ්‍යයේ ය. මේ අනුව සමස්ත කැබිනට් මන්ඩලයම ඉල්ලා අස්වී ඇත.



Thursday, January 27, 2022

වායු දූෂණය අවම කිරීම සඳහා පාපැදි භාවිතා කිරීමට ප්‍රවර්ධනයට තීරනයක්

 වායු දූෂණය අවම කිරීමේ එක් පියවරක් ලෙස පාපැදි භාවිතය ප්‍රවර්ධනය කිරීමට අමාත්‍යාංශය පියවර ගන්නා බව පරිසර අමාත්‍යවරයා පැවසීය.


ප්‍රවාහනයේදී පාපැදි භාවිතය ප්‍රවර්ධනය කිරීම සඳහා Ride for Life විසින් ක්‍රියාත්මක කරන ලද සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සඳහා පාපැදි වැඩසටහන පිළිබඳ සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙම තීරණය ප්‍රකාශයට පත් කරන ලදී.

වායු දූෂණය අවම කිරීමේ එක් පියවරක් ලෙස පාපැදි භාවිතය ප්‍රවර්ධනය කිරීමට පියවර ගැනීමට කැබිනට් පත්‍රිකාවක් සකස් කර ඇති බව ඔහු පැවසීය.

එබැවින් වායු දූෂණය අවම කිරීම, කාලය නාස්ති වීම වැළැක්වීම මෙන්ම පාපැදි පැදීම හේතුවෙන් බෝ නොවන රෝග රැසක් පාලනය කිරීමට ඇති හැකියාව හේතුවෙන් පාපැදි භාවිතය ප්‍රවර්ධනය කිරීම සඳහා පරිසර හිතකාමී ප්‍රවේශයක් ලබාදීමට පියවර ගැනේ.

Facebook Marketplace Comes to Sri Lanka - පේස් බුක් මාකට් ප්ලේස් දැන් අපටත්...

Facebook සමාජ මාධය ජාලය විසින් Facebook Marketplace දැන් ශ්‍රී ලංකාව තුළ ලබා ගත හැකි බව නිවේදනය කරයි. එමඟින් ලංකිකයන්ටත් තම ප්‍රදේශයේම අයගෙන් භාණ්ඩ සොයා ගැනීමට, මිලදී ගැනීමට සහ විකිණීමට පහසු කම සැලසේ.


ෆේස්බුක් ආයතනයේ වෙළඳපල අධ්‍යක්ෂ ජෝර්ඩි ෆෝනිස් පැවසුවේ “විශේෂයෙන් COVID-19 වසංගතය අතරතුර මිනිසුන් වැඩි වැඩියෙන් අන්තර්ජාලය හරහා සමීපව කටයුතු කරනන බැවින් ශ්‍රී ලාංකිකයින්ට මිලදී ගැනීමට සහ විකිණීමට පහසු ක්‍රමයක් ලෙස Facebook Marketplace දියත් කිරීමට කටයුතු කරන බවයි. මෙම දුෂ්කර කාලවලදී මිනිසුන්ට අවශ්‍ය අයිතම සොයා ගැනීමට සහ අමතර ආදායමක් උපයා ගැනීමට මෙම නව වේදිකාව පහසු වනු ඇතැයි තව දුරටත්ත ඔහු සදහන් කරයි.

Facebook Marketplace හි දේවල් සොයා ගැනීම ඉතා සරලයි. එයට පිවිසීමට පුද්ගලයන්ට Facebook යෙදුමේ Marketplace වෙත හෝ fb.com/marketplace වෙත පිවිසීමට හැකියාව ඇත. එමගින් තම තමාට කැමති ලැයිස්තු බ්‍රවුස් කිරීමට සහ අවශයම දේ සොයාගැනීමට හැකි වනු ඇත. ඔවුන් සොයන දේ හරියටම සොයා ගැනීමට සෙවුම් කොටුව භාවිතා කළ හැකිය.

විකිණීමට ඇති අයිතමයක් ලැයිස්තුගත කිරීම වෙළඳපොලේ බාන්ඩයක් සේවීම  තරම්ම පහසුය. විකුණුම්කරුවන්ට අයිතමයක ඡායාරූපයක් සමග, නිෂ්පාදනයේ නම, විස්තරය සහ මිල ඇතුළත් කිරීමට හා අදාල විකුණුම් ස්ථානය තහවුරු කර ලැයිස්තු ගත කල හැකිය. ඔවුන්ට ඔවුන්ගේ ලැයිස්තුගත කිරීම් Facebook Buy and Sell Groups වෙත පළ කිරීමටද තෝරා ගත හැක. උනන්දුවක් දක්වන ගැනුම්කරුවන් ඔවුන් සොයන අයිතමය සොයාගෙන විකුණුම්කරුවන්ට කෙලින්ම Messenger හරහා පණිවිඩයක් ලබා දෙනු ඇත. ඔවුන්ගේ මනාපයන් අනුව ගෙවීම් ක්‍රමය තීරණය කළ හැකිය.

Facebook සියළුම ගැනුම්කරුවන්ට සහ විකුණුම්කරුවන්ට උපදෙස් දෙන්නේ ආරක්ෂිතව සිටීමට සහ කොරෝනා වයිරසය පැතිරීම වැළැක්වීමට දේශීය මාර්ගෝපදේශ අනුගමනය කරන ලෙසයි. ගැනුම්කරුවන්ට සහ විකුණුම්කරුවන්ට වෙළඳපොළ වගකීමෙන් භාවිත කරන්නේ කෙසේද යන්න පිළිබඳ ඉඟි සොයා ගත හැකි අතර වැඩිදුර තොරතුරු සඳහා උපකාරක මධ්‍යස්ථානය වෙත ප්‍රවේශ විය හැක. 

Tuesday, June 5, 2018

හේමනලින් කරුණාරත්න මහතා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ මාධ්‍යවේදී හේමනලින් කරුණාරත්න මහතා අද දින 05/06/2018 අභාවප්‍රාප්ත විය.
අභාවප්‍රාප්ත වනවිට ප්‍රවීණ මාධ්‍යවේදී හේමනලින් කරුණාරත්නගේ වයස අවුරුදු 56 ක්.

අභාවප‍්‍රාත්ත වන විට Heritage TV (HTV) රූපවාහිනියේ ප‍්‍රධානියා ලෙස කටයුතු කරන ලද ඔහු රූපවාහිනී වැඩසටහන් අධ්‍යක්‍ෂවරයෙක් ලෙසද කටයුතු කලේය.

විදුලිය ඇණහිටියි

කොළඹ ප්‍රදේශ කිහිපයක අද 05/05/2018  උදැසන සිට විදුලිය අත් හිටවුවා තිබිනි. පෙරදැනුම් දීමක් කර නොතිබු නිසා පාසැල් යන දුවා දරුවන් මේන්ම රැකියා වලට යන ජනතාවද මහත් දු‍ෂ්කරතාවයන්ට මුහුන දි තිබුනි.

උදැසන 7 පමන වන විට විදුලි සැපයුම යතා තත්වයට පත් කර තිබුනි.

Wednesday, May 30, 2018

ලංකා සිතියම



COLOMBO (News 1st)

 මැනුම්පති පී. එම්. පී උදයකාන්ත මහතා සඳහන් කළේ, කාණ්ඩ 92 ක් යටතේ යාවත්කාලීන කළ ශ්‍රී ලංකා සිතියමේ කොළඹ ඇතුලු ප්‍රධාන කාණ්ඩ 70 ක් පමණ මේ වන විට සිතියම්ගත කර ඇති බවයි.
සමස්ත ශ්‍රී ලංකා සිතියම යාවත්කාලීන වූයේ වසර 18 කට පමණ පසුවවීම ද විශේෂත්වයකි.
කොළඹ නගරයේ සිදු වූ සියලු වෙනස්කම් ද අන්තර්ගත කරමින් යාවත්කාලීන කළ ශ්‍රී ලංකා සිතියමේ ඉතිරි කාණ්ඩ 22 මේ වසර තුළ අවසන් කරන බව ද මැනුම්පති පී. එම්. පී උදයකාන්ත මහතා ප්‍රකාශ කළේ ය.

Friday, July 7, 2017

HOT NEWS


තායිලන්තයේ ලෙනක සිරවී සිටින පිරිමි ළමුන් දොළොස් දෙනා සහ ඔවුන්ගේ පාපන්දු පුහුණුකරු බේරා ගැනීමේ මෙහෙයුම් සඳහා එක්ව සිටි එරට නාවික හමුදා 'සීල්' බලකායේ හිටපු කිමිදුම්කරුවෙකු මරුමුවට පත්ව තිබේ.
https://www.bbc.com/sinhala/world-44734822

ආහාර හිඟයට 'සිරස් ගෙවතු වගාව': බ්‍රිතාන්‍ය රැජිනගේ නායිකාවක් වූ ශ්‍රී ලංකාවේ භාග්‍යා

බොහෝවිට කුඩා ගෙවත්තක් හෝ හිමි ගම්බද ජනතාව මෙන් නොව මල් පාත්තියක් සඳහාවත් කුඩා බිම්කඩක් නොමැතිවීම ශ්‍රී ලංකාවේ ඇතැම් නාගරික මධ්‍යම පාන්තික සහ දුගී ජනතාව මුහුණ දෙන බරපතල ගැටලුවකි.
https://www.bbc.com/sinhala/sri-lanka-44659909

ඕස්ට්‍රේලියාවේ 'උණු වූ පාරවල් නිසා වාහනවලට හානි'


උණු වෙමින් පවතින තාර ටයරවල දැවටීම නිසා ඕස්ට්‍රේලියාවේ මාර්ගයක රියදුරන්ට වාහන අතහැර දමා ඉවතට යෑමට සිදුව තිබේ.
ක්වීන්ස්ලන්ඩ්හි (Queensland) සිදුවූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් මෝටර් රථ හිමියන් 50 දෙනෙකුට පමණ වන්දි ලබා ගත හැකි බව වාර්තාවක සඳහන් වේ.
https://www.bbc.com/sinhala/world-44724939