Labels

Showing posts with label විදේශීය පුවත්. Show all posts
Showing posts with label විදේශීය පුවත්. Show all posts

Monday, February 6, 2023

Second earthquake hits in Turkey


 

මැග්නිටියුඩ් 7.8 ක ප්‍රබල භූමිකම්පාවක් සහ එහි ප්‍රබල පසු කම්පන හේතුවෙන් ගිනිකොනදිග තුර්කියේ සහ වයඹදිග සිරියාවේ පුද්ගලයන් 1,600 කට ආසන්න සංඛ්‍යාවක් මිය ගොස් දහස් ගණනක් තුවාල ලබා ඇති අතර කලාපය පුරා ගොඩනැගිලි කඩා වැටී සුන්බුන් අතර දිවි ගලවා ගත් අය සෙවීමට පටන් ගෙන තිබේ.

අද 2023.02.06 සඳුදා ප්‍රාදේශීය වේලාවෙන් අලුයම 4:17 ට (GMT 01:17) තුර් කි නගරයක් වන Gaziantep අසල මූලික භූමිකම්පාව ඇති වූයේ, මිනිසුන් නිදා සිටියදී, කිලෝමීටර 17.9 (සැතපුම් 11) පමණ ගැඹුරකදී ය. එය සයිප්‍රසය, ඊජිප්තුව සහ ලෙබනනය දක්වා ද දැනි තිබින.



Thursday, June 28, 2018

ට්‍රම්ප් සහ පුටින් හමුවකට සූදානම් වෙයි



 ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ව්ලදිමීර් පූතින් ෆින්ලන්තයේදී මුණගැසීමට සූදානම්


එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සහ රුසියාවේ ජනාධිපති ව්ලදිමීර් පූතින් මහතා, ලබන මාසයේ (ජූලි මස 16 දින) ෆින්ලන්තයේ හෙල්සින්කි අගනුවරදී මුණගැසී සාකච්ඡා කිරීමට නියමිතයි.


සිරියාවේ යුද්ධය සහ යුක්රේනයේ තත්වය පිළිබඳ සිය රුසියානු මිතුරා සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව හමුව පිළිබඳ අදහස් දක්වමින් ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසා තිබෙනවා.


රටවල් දෙකෙහි නායකයින් එකතු වී ඔවුන්ගේ පොදු ගැටලු සහ සහයෝගිතාව පිළිබඳ සාකච්ඡා කිරීම වැදගත් වන බව ජනාධිපති ට්‍රම්ප් මෙන්ම ජනාධිපති පූතින්ගේත් අදහස බව අමරිකානු ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් පවසා තිබෙනවා.

Thursday, June 7, 2018

මයික්‍රොසොෆ්ට් සමාගම මුහුදු පතුලේ තැන්පත් කළ දත්ත ගබඩාව

මයික්‍රොසොෆ්ට් සමාගම සිය දත්ත ගබඩාවක් ඕක්නි දූපත් ආශ්‍රිත මුහුදේ ගිල්වීමට කටයුතු කර තිබේ. ඒ බලශක්ති කාර්යක්ෂමතාව වැඩිකිරීම පිළිබඳ විමර්ශනය කිරීමේ අරමුණිනි.

මෙම ව්‍යාපෘතිය 'Project Natick' ලෙස නම් කර තිබේ.
සිලින්ඩරාකාර හැඩයක් ඇති මෙම දත්ත ගබඩාව තුළ පරිගණක තැන්පත් කර ඇති අතර එය වසර පහකට ආසන්න කාලයක් මුහුදු පතුලේ රඳවා තැබිය හැකිය.

දත්ත ගබඩාවට බලය සැපයීම සහ ගොඩබිමට දත්ත රැගෙන ඒම ජලය යට තිබෙන කේබල් මාර්ගයෙන් සිදුවේ. නමුත් සිලින්ඩරය තුළ ඇති පරිගණක ක්‍රියා විරහිත වුවහොත් ඒවා අලුත්වැඩියා කිරීමට නොහැකිය.

ස්කොට්ලන්තයේ ඕක්නි දූපත් ආශ්‍රිත මුහුද බලශක්තිය පිළිබඳ නිරන්තරයෙන් පරීක්ෂණ පවත්වන ප්‍රදේශයකි.

පරිගණක ජලය යට තැන්පත් කිරීමෙන් ඒවා සිසිල් කිරීමට වැයවෙන අධික මුදල අවම කිරීම මෙම පරීක්ෂණවල අරමුණ වී තිබේ.

"ගොඩබිමට වඩා ජලයේ දී පරිගණක වඩාත් සිසිල් වෙනවා කියා අපි සිතනවා," යැයි මෙම ව්‍යාපෘතියේ ප්‍රධානී බෙන් කට්ලර් පැවසීය.


Project Natick is still in the research phase. Microsoft ran a successful test last year, submerging servers in a vessel called the Leona Philpot (a nod to a character in Microsoft's Halo video games) for several months. The test was conducted 1 kilometer (0.62 miles) off the Pacific Coast.

What is Project Natick? 
Project Natick is a research project to build an underwater datacenter. Microsoft is investigating the numerous potential benefits that a standard, manufacturable, deployable undersea datacenter could provide to cloud users all over the world.

The Natick Phase 1 vessel was operated on the seafloor approximately one kilometer off the Pacific coast of the United States from August to November of 2015.

Phase 2 of Natick aims to demonstrate that we can economically manufacture full scale undersea datacenter modules and deploy them in under 90 days from decision to power on. The Phase 2 vessel was deployed at the European Marine Energy Centre located in the Orkney Islands, UK in June of 2018.

project Natick reflects Microsoft’s ongoing quest for cloud datacenter solutions that offer less resource intensive options, rapid provisioning, lower costs, and high agility in meeting customer needs.

Wednesday, June 6, 2018

අමෙරිකා සහ උතුරු කොරියා සමුළුව 2018 ජුනි 12 දින

අමෙරිකානු ජනපතිවරයා සහ උතුරු කොරියානු නායකයා අතර සමුළුව මෙමස 12 වන දා සිංගප්පූරු වේලාවෙන් උදෑසන 9.00 පැවැත්වීමට තීරණය කර තිබේ.

තවදුරටත් සබඳතා ගොඩනගමින් ඉදිරියටම යා යුතුබව උතුරු කොරියානු ධූත පිරිස විසින් අමෙරිකානු ජනපතිවරයා වෙත ලබා දුන් ලිපියේ සඳහන්ව ඇතැයි ධවල මන්දිර මාධ්‍ය ප්‍රකාශිකා සාරා සැන්ඩර්ස් පවසා ඇත.

නායක හමුව සිංගප්පුරුවේ තරු පහේ හෝටලයක් වූ කපෙලා (Capella) හිදී පැවැත්වෙනු ඇති බව ධවල මන්දිරයේ ප්‍රවෘත්ති ලේකම් ට්විටර් පණිවුඩයකින් තහවුරු කර තිබේ.

සිංගප්පුරුව නිර්මාණය වී තිබෙන්නේ දුපත් 63 ක එකමුතුවකින් අතර Santos දුපත් ඉන් එකක් වනවා. කෙසේ වුවත් මෙම දුපත සිංගප්පුරුවේ ප්‍රධාන ගොඩබිමට ආසන්නයේ පිහිටා තිබෙනවා.

ඊට අමතරව දෙවන ලෝක යුධ සමයේදී ජපානය විසින් සිංගප්පුරුව ආක්‍රමණය කිරීමෙන් පසුව Santos දුපතේ මහා මිනිස් සංහාරයක් සිදුවූ බව සාක්ෂි තිබෙනවා.