Find Services in Sri Lanka

Welcome to Lankadanweempituwa.com: Your Ultimate Local Service Directory in Sri Lanka

ලුහුඩු දැන්වීම් පලකරන වෙබ් අඩවි අතර Lankadanweempituwa.com, ශ්‍රී ලංකාවේ රැකියා ඇබෑර් තු, විවාහ යෝජනා, වාහන, දේපල, සහ  දේශිය ව්‍යාපාර සහ සේවාවන්   ප්‍රවර්ධනය සහ ප්‍රචාරය කරන තවත් සුවිශේෂි වෙබ් අඩවියකි. ඔබේ අවශ්‍යතාවයන්ට අදාළ සියලුම තොරතුරු පහසුවෙන් සොයාගත හැකි ආකාරයෙන් සරලව සැලසූම් කල මෙම වෙබ් අඩවිය, ඔබට ශ්‍රී ලංකාවේ විවිධ අංශවලින් හොඳම දේ තෝරාගත හැකි එකම තැන වේ. 

Lankadanweempituwa.com වෙබ් අඩවියෙන් ඔබට ඔබේ ජීවිතය සරල සහ සාර්ථක කර ගැනීමට අවශ්‍ය සියලුම තොරතුරු පහසුවෙන් ලබා ගත හැකිය.


In the vibrant and diverse landscape of Sri Lanka, navigating the myriad of service providers can often be a daunting task. Whether you're a local resident seeking trusted establishments or a visitor exploring the island's offerings, Lankadanweempituwa.com is your comprehensive guide to the best local services across various sectors.

Explore Diverse Categories

Our platform encompasses a wide range of categories, ensuring that you find precisely what you're looking for:



marriAge proposals

Marriage proposals 

Brides and grooms


VEHICLES

Car, Motor Cycles and three-wheelers

and Other vehicles


PROPERTIES

Lands, Building and Other Properties

Businesses

PHONEREPAIR

Phone Repair Centers

Businesses

HAIRSALONS

Ladies and Gents Saloons

Businesses

GYM & FITNESS

Gyms and fitness centers

Businesses

WHOLESALE SHOPS

Whole Sales shops in Sri Lanka

2024 ජනාධිපතිවරන‍යේ 50% ක ජයක් අපේක්ෂකයෙකුට ලබාගත හැකි ද?

මෙවර 50% ක ජයක් අපේක්ෂකයෙකුට ලබාගත හැකි ද? … ගණකාධිකාරී  ඇසින්…. 

ජනාධිපතිවරණයේ ජය ශ්‍රී ලංකාවේ අනාගතයේ විජයක්ග්‍රහනයක් කරගත හැකිද? 

2024 ජනාධිපතිවරනය ලංකා දේශයේ හැරවුම් ලක්ෂයක් වියහැකි නිසා අනාවැකිකරුවන්, ජොතිර් වේදීන්, වියතුන්, සහ මාධ්‍යෙව්දීන් වැනි  විවිධ පාර්ශයවන් ඒ අයගේ දැනුමට අනුව අනාවැකි ඉදිරිපත් කරන අතර ගිණුම්කරනය තුලින් පසුගිය මැතිවරනය සමග සාමානය ජනතාවගේ සිතුම් පැතුම් සසදා ඒ  අනුව කුමන ආකාරයක ප්‍රතිපලයක් ලැබේද යන්න පිලිබද පුරෝකතනයක් ඉදිරිපත් කරන අතර, ලංකිකයන්ට අමතක වී ඇති අප දේශයේ අතීතය ගැන කෙටි මතක්කර දීමක් සහ අනාගතය කෙසේ විය යුතුදැයි සාමානය ජනයාගෙන් කෙනෙක් විදිහට අදහසක් ඉදිරිපත් කරමි.


අතීතයේ මහා හෙළ උරුමයකට සහ උත්තරීතර රාජවංශයකට උරුමකම් කියන ලද ලංකික අපිට මේ වන විට ඒ ඉතිහාසය 

පුදුමාකාර ලෙස අමතක වූ ජාතියක් බවට පත් වී  තිබෙනවා. 


ඊට හේතු ලෙස මීට දසක 20කට පෙර දී එනම් 1815දී ලංකා රාජ වංශය අහොසි වීමත්, මීට දසක 51 ට පෙර සිට සිදුවු විවිද

ආක්‍රමන හේතුවෙන් ලංකික හෙල ජාන වෙනස් විමත් සමගය.


කෙටියෙන් මතක් කලොත්

1508 -1658 දක්වා පෘතුගීසි ආක්‍රමනය සහ ඔවුන් ගේ වසර 100 ක පමණ කාලය තුල සිදුවු විපර්යාසය. 

මේ කාලය තුල කොට්ටේ රාජධානියේ අවසාන රාජඅභිෂෙක ලත්, ලංකා රාජපරපුරේ වීදිය බණ්ඩාර සහ සමුදුදේවියගේ පුත්

හත්වන බුවනේකබාහු රජුගේ මුනුපුරා වන 1551 සිට 1597 දක්වා වසර 46ක් රජ කල ධර්මපාල රජු 1556 දී 70,000 ලංකිකයන්

සමග ඔවුන්ගේ ආගමට බැදී ලංකා රාජය තෑගි ඔප්පුවකින් පෘතුගීසන්ට බාරදී දොන් ජුවන් ධර්මපාල ලෙස ඔවුන්ගේ රජෙක්

බවට පත්විම. ඒ කාලය තුල පෘතුගිසි ලේ සමග මිශ්‍රවු පරපුරක් ලංකාව තුල බිහිවීය. 1508 අහම්බෙන් ලංකාවට පැමිනි ඔවුන්

දසක 5 ක් තුල ලංකාවේ රජුගේ සහ ලංකිකයන්ගේ සිත් වෙනස් කර ඔවුන්ගේ බලය පතුරා තිබීම.


1658-1796 දක්වා කාලය තුල ලංදේසින් විසින් බේදබින්න කරන ලද සිංහලයනගේ දුර්වල කම් නිසා තවත් වසර 138 පමණ

කාලයක් ඔවුන්ගේ පාලනයක් ගෙනයමින් ලංකාව තුල ලංදේසි නීතියද ස්තාපිත කරමින් සිංහල ජාතිය පරගැති අදහස් සමග

මිශ්‍ර කර තිබීම.


1976-1948 දක්වා ඉංග්‍රිසින් විසින් නැවත ආක්‍රමනය කල අප ලංකාව 1815 දී ලංකා රජවංශය අවසන් කර, රජුද සිරගතකර

සම්පුරන යටත් විජිතයක් බවට පත්කරගත්තා. 1948 දක්වා ඔවුන්ගේ පහත් පාලන සමය තුල ලංකිකයන්ගේ හෙල දැනුම,

සම්පත්, ගතිගුන, සාරදරම වගේම සුලු දෙයටත් බේදබින්න වන ආත්මාර්තකාමි ලගින්ම ඉන්න අයටත් මඩ ගහන නින්දා

කරන කලු සුද්දන් බවට පත්වී තිබෙනවා. 


1948 සිට 1978 දක්වා සෙනට් සභා සහ ජනරජ ආණ්ඩුවක් ලෙස පැවති කාලය තුල නිදහස සදහා සටන් කල පක්ෂ සමග

නව පක්ෂ ඇතිවීමට පටන් ගත් අතර 1978 පසු විධායක ජනාධිපති ධුරය සමග 2024 අද දක්වා ලියාපදිංචි ක්‍රියාකාරි පක්ෂ

77 ක් ඇතිවී තිබෙනවා.

ජාති වශයෙන් ආගම් වශයෙන් වගේම එකම ජාතියක් මතවාදී වශයෙන් මෙසේ විවිධ පක්ෂ පාට වලට බෙදි එකිනෙකගේ ක්‍රියවන්ට පහත් විදිහට මඩ ගසමින් මෙතෙක් කල් කිසිදු ආරථික හා රටක් වශයෙන් දියුනුවක් ලබන්නට නොහැකි වි ඇති බව දැන්වත් ලංකික අපි තේරුම් ගතයුතුයි නේද?. 

පසුගිය වසර 76 ක කාලය තුල තවමත් ලොකයේ දුප්පත්, දියුනුවෙමින් පවතින රටක් ලෙස ලේබල් ගසාගෙන ඉන්නේ ඇයි?. 

අතීතයේ ලාංකිකයන් සැමවිටම පරාර්තකාමිව අනාගත රටේ දියුනුව ගැන සිතා කටයුතු කල අය. තාමගේ පුද්ගලික දියුනුවට ගේදොර හදනවා වෙනුවට මහ වැව් දාගැබ්, වගේම කුඹුරු වතුපිටි දියනුකර සැම අතින්ම සමෘර් දිමත් ව වෙනරටවල් වලට පවා අතිරික්ත යවා තිබෙනවා. ආක්‍රමන නොවුනානම් සහ එදා බේද බින්න නොවුනානම් අදටත් මේ රට දියුනු රාජයක්.

දැන්වත් අනේකාගේ වැරදිම සොය සොයා කුලල් කා නොගෙන, අපේ රටේ සම්පත් අපිම නාස්ති කර නොගෙන, අපේ සදාචාර නීතින් අපිම බාල්දු කර නොගෙන, එකම ලාංකික පිරිසක් ලෙස පැහැදිලි ප්‍රතිපත්තියක් සහ නිවැරදි සිස්ටම් එකකට වැඩ කරන අපේ රට ගුණ ධර්ම වලින් වගේම ආර් තික, සාමාජිය දේශපාලනික වශයෙන්  සහ නවීන තාක්ෂනයෙන් ද දියුනු රටක් බවට පත්කරගමු. 


පසුගිය වසර 76ක අපට වැරදුන තැන් අපි හදුනාගමු.

අපේ රට පාලනය කල නායකයන්, ඇමතිවරු, මැතිවරු අතින්  දැනුවත්ව හෝ නොදැනුවත්ව වැරදි සිදුවී ඇති. මේ රට නිදහස

ලබා වසර 76ක්

ගියත් තවම පැහැදිලි දියුනුවක් නොදකින්නේ ඒ නිසයි. 


ඒ වරදට ඔවුන් වගේම තනි තනිව ඔබත් මමත් වැරදි කාරයන් වී තියෙනවා. රටක දියුනුවට ඒ රටේ මිනිසුන් තමා අතින්

වරදක් සිදුවි ඇති බව පෙන්වා දුන් විට එය ඇත්ත බව පිලිගෙන නැවත කිසිදා එවැනි වරදක් නොවන විදිහට කටයුතු කල යුතුයි.

වරදට දඩුවම් දිය යුත්තේ ඒ වරද නිවැරදි කරගැනීම සදහා ම පමනයි. එය ඒ කල ක්‍රියාවේ වරද නිවැරදි කිරීම සදහා පමනක් වියයුතුයි. 

ශිෂ්ටසම්පන්න නීතියක් ඇති රටක වරද කල පුත්ගලයාගේ සහ පරම්පරාවේම  ප්‍රතිරුපය මඩගසා නින්දා කලයුතු නැත. අද අපේ රට මේ තරමටම එකෙකුට එකේක නැති බේද බින්න ජාතියක් වෙලා තියෙන්නේ මේ නිසා. 

නීතිය සැමට සමාන නොවුන තැන මෙවැනි දේ සිදුවෙයි. වරද නිවැරදි කිරීමේ අරමුනින් සැමට නීතිය සමාන වියයුතුයි.


ඒ වගේම තනි තනිව ඔබත් මමත් අපේ අතින් ගෙදරට, අසල් වාසීන්ට, ගමට. රටට සිදුවන සුළු සුළු වැරදි පවා නොකර රටේ දියුනුව

ගැන සිතමු. 


  • ඔබ ඔබේ ගෙදර කුණුටික, ඉවත දාන දෙය පාරට, පොදු ස්තානයකට විසි කරනවාද?

  • තැන තැන කෙල ගසා, ටොපි කොලය, බස් ටිකට් පත තැන තැන විසිකරනවද?

  • ඉස්පිරිතාලයට, බස් එකට යන විට පෝලිම පනිනවද?.

  • බයිසිකලයක, වාහනයක යන විට අනිකාට කරදරකාරි විදිහට හැසිරෙනවාද?.

  • වැඩකරන තැන, පොදු ස්තානයක තිබෙන පෑනක්, කොලයක් හොරකන් කරනවාද?.

  • පගාවක් දීලා තමාගේ වැඩේ කොහොම හරි කරගන්න බලනවාද?.

  • අනිකාට මොනව උනත් මගේ දේ කරගන්නවා කියන අදහසේ ඉන්වාද?.

  • හොර ලේඛන, අසත්‍ය තොරතුරු ඉදිරිපත්කරනවාද?.

  • පොදු පරිහරනයට ඇතිදේ විනාස කරනවාද?. අයුතු ලෙස පරිහරනය කරනවාද?

  • කෙනෙකුගේ වරදක් නිවැරදි කරනවා වෙනුවට මහා වරදක් විදිහට සමාජගත කරනවාද?

  • වැඩකරන ආයතනයේ කාරයාලයේ වැඩ අතපසු කර කල්දානවාද?.

  • ඔබගෙන් සේවාවක් ලබාගන්න එන කෙනාට පහත් විදිහට සලකනවාද?.

  • ඔබ රටට ගෙවිය යුතු බදුමුදල් වංචා කර පැහැර හරිනවාද?.

  • දේශිය නිෂ්පාදනයන් බාල්දු කරනවාද. පිටරට දේ පමනක් අගය කරනවාද?.

  • පලදායිව රටේ දියුනුවට යෙදවිය යුතු කාලය නිකරුනේ ගේවා දමනවාද?.


ඔබ අතිනුත් මේ එකක් හෝ සිදුවෙනවානම් රටේ දියුනුව ආපස්සට ගෙනියන්නට ඔබත් දායක වෙලා.

නිවැරදි අවංක නායකෙටයකුට වගේම අපි අපිටත් වගකීමක් තියෙනවා රට දියුනුකරන්න.


මෙවර ජන්දයේ දී ඔබේ නායකයා,

  • රටේ දියුනුවට සැබෑ උවනමාවක් තියෙන කෙනෙක්ද බලන්න.  

  • තමන්ගේ ප්‍රතිපත්ති වසර 5කට නොව රටේ අනාගතයේ එන ඔනැම නායකයෙකුට ක්‍රියාත්මක කලහැකිද බලන්න.

  • රටේ ධනය පුද්ගලික පරිහරනයට අයතා බාවිතාට නොගන්නා කෙනෙක්ද බලන්න.

  • තමාගේ වාසියට ලාබයට අනෙකාව පහත් විදිහට විවේචනය නොකරන කෙනෙක්ද බලන්න,

  • දේශිය නිෂ්පාදනවලට, දේශිය නිශ්පාදකයාට කැමති පහසුකම් සලසන්නෙක්ද බලන්න.

  • අධයාපනය, සෞඛය, නව තාක්ෂනය ගැන උපරිම උනන්දුව ඇති කෙනෙක්ද  බලන්න.

  • සමාජ සාධාරනත්වය සහ සැමට එක නීතියක් සදහා වැඩකරන්නෙක්ද බලන්න.

  • පෞද්ගලික අංශයට සහය දෙන වගේම රාජ්‍ය සේවාව විදිමත් කාර්යක්ම කිරීමේ හැකියාව ඇති කෙනෙක්ද බලන්න.

  • මත්ද්‍රවයට මත්පැනට විරුද්ද වන සහ සමාජ ආරක්ෂාව ගැන උපරිමයෙන් හිතන කෙනෙක්ද බලන්න.

  • පක්ෂය තුල සමගිව එකතුවන, සාමුහිකව විනිවිදබාවයෙන් අදහස් හුවමාරුකරන, සමගිව විසිරයන බල ලොභි නොවන කෙනෙක්ද බලන්න.


ඔබත් පාවෙන ජන්දයක් නොවී රටේ දියුනව එක සිතින් පතන පක්ෂක්ග්‍රහි නොවන සැබෑ පුරවැසියෙකු වෙන්න.


ශ්‍රි ලංකාවට ජයෙන් ජය වේවා.

ජයවීර එම්.එන්.බණ්ඩාර