ලංකා සිතියම



COLOMBO (News 1st)

 මැනුම්පති පී. එම්. පී උදයකාන්ත මහතා සඳහන් කළේ, කාණ්ඩ 92 ක් යටතේ යාවත්කාලීන කළ ශ්‍රී ලංකා සිතියමේ කොළඹ ඇතුලු ප්‍රධාන කාණ්ඩ 70 ක් පමණ මේ වන විට සිතියම්ගත කර ඇති බවයි.
සමස්ත ශ්‍රී ලංකා සිතියම යාවත්කාලීන වූයේ වසර 18 කට පමණ පසුවවීම ද විශේෂත්වයකි.
කොළඹ නගරයේ සිදු වූ සියලු වෙනස්කම් ද අන්තර්ගත කරමින් යාවත්කාලීන කළ ශ්‍රී ලංකා සිතියමේ ඉතිරි කාණ්ඩ 22 මේ වසර තුළ අවසන් කරන බව ද මැනුම්පති පී. එම්. පී උදයකාන්ත මහතා ප්‍රකාශ කළේ ය.