වායු දූෂණය අවම කිරීම සඳහා පාපැදි භාවිතා කිරීමට ප්‍රවර්ධනයට තීරනයක්

 වායු දූෂණය අවම කිරීමේ එක් පියවරක් ලෙස පාපැදි භාවිතය ප්‍රවර්ධනය කිරීමට අමාත්‍යාංශය පියවර ගන්නා බව පරිසර අමාත්‍යවරයා පැවසීය.


ප්‍රවාහනයේදී පාපැදි භාවිතය ප්‍රවර්ධනය කිරීම සඳහා Ride for Life විසින් ක්‍රියාත්මක කරන ලද සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සඳහා පාපැදි වැඩසටහන පිළිබඳ සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙම තීරණය ප්‍රකාශයට පත් කරන ලදී.

වායු දූෂණය අවම කිරීමේ එක් පියවරක් ලෙස පාපැදි භාවිතය ප්‍රවර්ධනය කිරීමට පියවර ගැනීමට කැබිනට් පත්‍රිකාවක් සකස් කර ඇති බව ඔහු පැවසීය.

එබැවින් වායු දූෂණය අවම කිරීම, කාලය නාස්ති වීම වැළැක්වීම මෙන්ම පාපැදි පැදීම හේතුවෙන් බෝ නොවන රෝග රැසක් පාලනය කිරීමට ඇති හැකියාව හේතුවෙන් පාපැදි භාවිතය ප්‍රවර්ධනය කිරීම සඳහා පරිසර හිතකාමී ප්‍රවේශයක් ලබාදීමට පියවර ගැනේ.

Facebook Marketplace Comes to Sri Lanka - පේස් බුක් මාකට් ප්ලේස් දැන් අපටත්...

Facebook සමාජ මාධය ජාලය විසින් Facebook Marketplace දැන් ශ්‍රී ලංකාව තුළ ලබා ගත හැකි බව නිවේදනය කරයි. එමඟින් ලංකිකයන්ටත් තම ප්‍රදේශයේම අයගෙන් භාණ්ඩ සොයා ගැනීමට, මිලදී ගැනීමට සහ විකිණීමට පහසු කම සැලසේ.


ෆේස්බුක් ආයතනයේ වෙළඳපල අධ්‍යක්ෂ ජෝර්ඩි ෆෝනිස් පැවසුවේ “විශේෂයෙන් COVID-19 වසංගතය අතරතුර මිනිසුන් වැඩි වැඩියෙන් අන්තර්ජාලය හරහා සමීපව කටයුතු කරනන බැවින් ශ්‍රී ලාංකිකයින්ට මිලදී ගැනීමට සහ විකිණීමට පහසු ක්‍රමයක් ලෙස Facebook Marketplace දියත් කිරීමට කටයුතු කරන බවයි. මෙම දුෂ්කර කාලවලදී මිනිසුන්ට අවශ්‍ය අයිතම සොයා ගැනීමට සහ අමතර ආදායමක් උපයා ගැනීමට මෙම නව වේදිකාව පහසු වනු ඇතැයි තව දුරටත්ත ඔහු සදහන් කරයි.

Facebook Marketplace හි දේවල් සොයා ගැනීම ඉතා සරලයි. එයට පිවිසීමට පුද්ගලයන්ට Facebook යෙදුමේ Marketplace වෙත හෝ fb.com/marketplace වෙත පිවිසීමට හැකියාව ඇත. එමගින් තම තමාට කැමති ලැයිස්තු බ්‍රවුස් කිරීමට සහ අවශයම දේ සොයාගැනීමට හැකි වනු ඇත. ඔවුන් සොයන දේ හරියටම සොයා ගැනීමට සෙවුම් කොටුව භාවිතා කළ හැකිය.

විකිණීමට ඇති අයිතමයක් ලැයිස්තුගත කිරීම වෙළඳපොලේ බාන්ඩයක් සේවීම  තරම්ම පහසුය. විකුණුම්කරුවන්ට අයිතමයක ඡායාරූපයක් සමග, නිෂ්පාදනයේ නම, විස්තරය සහ මිල ඇතුළත් කිරීමට හා අදාල විකුණුම් ස්ථානය තහවුරු කර ලැයිස්තු ගත කල හැකිය. ඔවුන්ට ඔවුන්ගේ ලැයිස්තුගත කිරීම් Facebook Buy and Sell Groups වෙත පළ කිරීමටද තෝරා ගත හැක. උනන්දුවක් දක්වන ගැනුම්කරුවන් ඔවුන් සොයන අයිතමය සොයාගෙන විකුණුම්කරුවන්ට කෙලින්ම Messenger හරහා පණිවිඩයක් ලබා දෙනු ඇත. ඔවුන්ගේ මනාපයන් අනුව ගෙවීම් ක්‍රමය තීරණය කළ හැකිය.

Facebook සියළුම ගැනුම්කරුවන්ට සහ විකුණුම්කරුවන්ට උපදෙස් දෙන්නේ ආරක්ෂිතව සිටීමට සහ කොරෝනා වයිරසය පැතිරීම වැළැක්වීමට දේශීය මාර්ගෝපදේශ අනුගමනය කරන ලෙසයි. ගැනුම්කරුවන්ට සහ විකුණුම්කරුවන්ට වෙළඳපොළ වගකීමෙන් භාවිත කරන්නේ කෙසේද යන්න පිළිබඳ ඉඟි සොයා ගත හැකි අතර වැඩිදුර තොරතුරු සඳහා උපකාරක මධ්‍යස්ථානය වෙත ප්‍රවේශ විය හැක.