වායු දූෂණය අවම කිරීම සඳහා පාපැදි භාවිතා කිරීමට ප්‍රවර්ධනයට තීරනයක්

 වායු දූෂණය අවම කිරීමේ එක් පියවරක් ලෙස පාපැදි භාවිතය ප්‍රවර්ධනය කිරීමට අමාත්‍යාංශය පියවර ගන්නා බව පරිසර අමාත්‍යවරයා පැවසීය.


ප්‍රවාහනයේදී පාපැදි භාවිතය ප්‍රවර්ධනය කිරීම සඳහා Ride for Life විසින් ක්‍රියාත්මක කරන ලද සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සඳහා පාපැදි වැඩසටහන පිළිබඳ සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙම තීරණය ප්‍රකාශයට පත් කරන ලදී.

වායු දූෂණය අවම කිරීමේ එක් පියවරක් ලෙස පාපැදි භාවිතය ප්‍රවර්ධනය කිරීමට පියවර ගැනීමට කැබිනට් පත්‍රිකාවක් සකස් කර ඇති බව ඔහු පැවසීය.

එබැවින් වායු දූෂණය අවම කිරීම, කාලය නාස්ති වීම වැළැක්වීම මෙන්ම පාපැදි පැදීම හේතුවෙන් බෝ නොවන රෝග රැසක් පාලනය කිරීමට ඇති හැකියාව හේතුවෙන් පාපැදි භාවිතය ප්‍රවර්ධනය කිරීම සඳහා පරිසර හිතකාමී ප්‍රවේශයක් ලබාදීමට පියවර ගැනේ.