ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධූරයට

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධූරයට: ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිවේදී බුද්ධික මනතුංග මහතා ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි වැඩබලන පොලිස්පති විසින් 2024.12.02 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අධ්‍යක්ෂ හා පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධූරයට පත්කර ඇත. බුද්ධික මනතුංග මහතා 2014.01.01 දින පොලිස් අධිකාරිවරයෙකු වශයෙන්...

ඒ මහාතා මහනුවර, ත්‍රිකුණාමලය යන කොට්ඨාස වල රාජකාරි යෙදීමෙන් අනතුරුව මානව හිමිකම් කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ, පොලිස් මාධ්‍ය කොට්ඨාසය සහ මහජන සම්බන්ධතා කොට්ඨාසයේ වැඩබලන අධ්‍යක්‍ෂ, නීති කොට්ඨාසයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ හා කන්තලේ කොට්ඨාස භාර නිලධාරී ලෙස රාජකාරි ඉටු කර ඇත.

කොළඹ ආනන්ද විද්‍යාලෙය් ආදී ශිෂ්‍යයෙකු වන ඒ මහතා පේරාදෙණි විශ්ව විද්‍යාලයේ විද්‍යාවේදී පළමු උපාධිය හා විද්‍යාව පිළිබඳව පශ්චාත් උපාධිධාරියකු වන අතර විවෘත විශ්ව විද්‍යාලයේ නීතිවේදී උපාධිධාරියෙකු ද වේ.

එමෙන්ම, ඒ මහතා පොලිස් සේවයට සම්බන්ධ දේශීය පුහුණු පාඨමාලාවන්ට අමතරව රුසියාව, තායිලන්තය, පිලිපීනය හා කම්බෝජියාව යන රටවල විදේශීය පුහුණු පාඨමාලාවන් රැසක් ද හදාරා ඇත.