ජනාධිපති අනුර කුමාර දිසානායක ඇතුළු දූත පිරිස ඉන්දියාවේ නවදිල්ලි නුවරට ළඟාවෙයි - ඉන්දීය රජයෙන් උණුසුම් පිළිගැනීමක්

ජනාධිපති අනුර කුමාර දිසානායක ඇතුළු දූත පිරිස ඉන්දියාවේ නවදිල්ලි නුවරට ළඟාවෙයි - ඉන්දීය රජයෙන් උණුසුම් පිළිගැනීමක්: ජනාධිපති අනුර කුමාර දිසානායක ඇතුළු දූත පිරිස ඉන්දියාවේ නවදිල්ලි නුවරට ළඟා වූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි ජනපති ඇතුළු පිරිසට ඉන්දීය රජයෙන් උණුසුම් පිළිගැනීමක් හිමි වූ බව ද සඳහන් වෙයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, ඉන්දීය උප ජනාධිපති ශ්‍රී ජග්දීප් දන්කාර් (Vice President Of India Shri Jagdeep Dhankhar), ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයිශංකර් (Dr. S. Jayashankar – Minister of External Affairs of India), ඉන්දීය සෞඛ්‍ය අමාත්‍ය ජේ.පී.නන්ද (J.P. Nanda – Minister of Health), ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී අජිත් ඩොවාල්(Shri Ajith Doval – National Security Advisor of India) ඇතුළු තවත් රාජතාන්ත්‍රිකයන් සමඟ සාකච්ඡා පැවැත්වීමට ද සැලසුම් කර තිබේ.