දේශීය වෛද්‍ය ක්ෂේත්‍රය ප්‍රධාන ධාරාවන් තුනක් යටතේ සංවර්ධනයට සැළසුම්

දේශීය වෛද්‍ය ක්ෂේත්‍රය ප්‍රධාන ධාරාවන් තුනක් යටතේ සංවර්ධනයට සැළසුම්: දේශීය වෛද්‍ය ක්ෂේත්‍රය ප්‍රධාන ධාරාවන් 03 ක් යටතේ සංවර්ධනය කිරීමට බලාපොරොත්තු වන බවත්, එම ක්ෂේත්‍රයේ ද දායකත්වයෙන් සංචාරක ව්‍යාපාරයෙන් ඩොලර් මිලියන 8500 ක ආදායම් ඉපයීමේ ඉලක්කයක් අපේක්ෂා කරන බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ අමාත්‍යධූරයට...

මෙරට ජනතාවට සෞඛ්‍ය සම්පන්න ජිවිතයක් ගත කිරීම සදහා දැනට පවතින ආයුර්වේද ක්ෂේත්‍රය සංවර්ධනයට පියවර ගැනීම, බටහිර, ආයුර්වේද, සිද්ධ, යුනානි, හෝමියෝපති, පාරම්පරික සහ දේශීය වෛද්‍ය ක්‍රමයන් ඒකාබද්ධ කර තෝරාගත් ස්ථානවල එක් ඒකකයක් ලෙස පර්යේෂණ මට්ටමෙන් ක්‍රියාත්මක කිරීම මෙන්ම සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය අරමුණු කර දේශීය ආයුර්වේද ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම යන ප්‍රධාන ධාරාවන් ත්‍රිත්වය ඔස්සේ ඉදිරි සැළසුම් සකස් කිරීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා පැවසීය.

මේ වන විට බටහිර වෛද්‍ය ක්‍රමය ක්‍රියාත්මක වන රජයේ රෝහල් 1164 ක් ද, ආයුර්වේද අංශයේ රෝහල් 112 ක් ද මෙරට සෞඛ්‍ය සේවාව තුල ක්‍රියාත්මක වන බව සිහිපත් කළ අමාත්‍යවරයා එම සෑම රෝහලක් පිළිබදවම පෞද්ගලිකව අවධානය යොමු කර දියුණූ මට්ටමට ගෙනඑ්ම තම අරමුණ බව ද සදහන් කළේය. එමෙන්ම දේශීය වෛද්‍ය ක්‍රමය මනා ලෙස සංවර්ධනය කරමින් ඉලක්ක ගතව එම වෛද්‍ය ක්‍රමයට අනන්‍ය වූ සුවිශේෂතා හදුනාගෙන ඒවා සංචාරක ව්‍යාපාරය හා බද්ධ කර සංචාරක ක්ෂේත්‍රය දියුණු කිරීම ද රජයේ ප්‍රමුඛ අරමුණක් බව ද පැවසීය.