පෙර පාසල් දරුවන්ගේ උදෑසන ආහාර වේල ලබා දීමේ වැඩසටහන ඉදිරියටත් ක්‍රියාත්මකයි

පෙර පාසල් දරුවන්ගේ උදෑසන ආහාර වේල ලබා දීමේ වැඩසටහන ඉදිරියටත් ක්‍රියාත්මකයි: පෙර පාසල් සහ මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානවල දරුවන් සඳහා උදෑසන ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී  තිබේ.  ලබන වසරේ දරුවන් 155,000කට පමණ මෙම වැඩසටහනින් ප්‍රතිලාභ ලබා දීමට අපේක්ෂා කෙරේ. - මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳව ජාතික ලේකම් කාර්යාලය විසින් 2017 වර්ෂයේ සිට...

අඩු බර සහිත දරුවන් වැඩි ප්‍රතිශතයක් සිටින පෙර පාසල්" යන නිර්ණායකය පදනම් කර ගෙන තෝරා ගනු ලබන මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන/පෙර පාසල්වල එම වැඩසටහන ඉදිරියට ක්‍රියාත්මක කිරීමටත් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යවරිය ඉදිරිපත් කළ එම යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ.