ලොවක් රස ගැන් වූ තබ්ලාව නිහඬ වෙයි : ලොව විශිෂ්ටතම තබ්ලා වාදකයෙකු වන, ඉන්දීය කලාකරු සාකීර් හුසේන් මහතා ජීවිතක්ෂයට පත්ව තිබේ. මිය යන විට ඒ මහතාගේ වයස අවුරුදු 73 කි. පෙනහළු ආශ්‍රිත රෝගයක් මරණයට හේතුව බව පවුලේ ඥාතීන් ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ. සාකීර් හුසේන් මහතා සිව්වතාවක් ග්‍රැමී සම්මානය දිනා ගෙ...
සාකීර් හුසේන් මහතා සිව්වතාවක් ග්‍රැමී සම්මානය දිනා ගෙන ඇති අතර ඉන්දියාවේ දෙවන ඉහළම සිවිල් සම්මානය වන පද්ම විභූෂණ සම්මානයෙන් ද ඒ මහතා පිදුම් ලබා ඇත.
ඒ මහතාගේ පියා, තබ්ලා විශාරද උස්තාද් අල්ලා රඛා ඛාන් ය.
සාකීර් හුසේන් මහතා සිය පළමු ප්‍රසංගය පවත්වා ඇත්තේ වයස අවුරුදු හතේ දී බව ඉන්දීය වාර්තා පෙන්වා දෙයි.