පුද්ගල ඇතුළාන්තය විනය ගරුක නොවී බාහිරින් විනය පෙන්නලා වැඩැක් නෑ , බාලදක්ෂ ව්‍යාපාරයේ ආකල්ප රටට ඉතා වැදගත් - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය -

පුද්ගල ඇතුළාන්තය විනය ගරුක නොවී බාහිරින් විනය පෙන්නලා වැඩැක් නෑ , බාලදක්ෂ ව්‍යාපාරයේ ආකල්ප රටට ඉතා වැදගත් - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය -: පුද්ගල අභ්‍යනතරය විනයගරුක නොවී බාහිරින් පමණක් විනයගරුක බව පෙන්වීම ප්‍රමාණවත් නොවන බවත්, බාල දක්ෂ ව්‍යාපාරය තුළ පවතින විනයගරුක ආකල්ප රටට ඉතා වැදගත් බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.    ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය විසින් සංවිධාන කළ " ජාතික බාලදක්ෂ සම්මාන උළෙල - 2024 '&#...

බාල දක්ෂ ව්‍යාපාරයේ අරමුණ ළමා පරපුර යහපත් පුරවැසියන් පිරිසක් බවට පත් කිරීමයි. අපේ රජයටත් ඒ අරමුණ ඉතාමත් වැදගත්, මේ රටේ  දරුවන්ට හොදම දේ ලැබිය යුතුයි. හොදම දේ කියන්නේ දරුවන්ට තමන්ගේ පෞරුෂය දියුණු කර ගන්නත්, කුසලතා බාධාවකින් තොරව දියුණු කරගන්න අවස්ථා සලසා දෙමින් ආණ්ඩුව කැපවෙන එකයි. 

මෙ වැනි ව්‍යාපාර ඉතා වැදගත් රටේ අරමුණ කරා යන්න.  බාලදක්ෂ ව්‍යාපාරය මගින් ළමා මනස තුළ  යහපත් වටපිටාවක් නිර්මාණය කරනවා. අභියෝග වලට මුහුණ දෙන්න හුරු කරනවා. බාල දක්ෂ ව්‍යාපාරය අපේ රජයේ clean Sri llanka වැඩසටහනට සම්බන්ධ කර ගන්න කියලා  බාල දක්ෂ කොමසාරිස්තුමා ඉල්ලීමක් කළා. අපි ඒ ගැන සතුටු වෙනවා.  Clean sri lanka වැඩසටහන කියන්නේ පරිසරය පිරිසිදු කිරීම පමණක් නෙමෙයි රටේ සියලු  කාර්යයන්හි විනිවිදභාවය වෙනුවෙන් කරන දෙයක්.  බාල දක්ෂ වයාපාරය තුළ ඇති  වටිනාකම් සහ ආකල්ප  වගේම සාමුහිකත්වය ඉතා වැදගත්.  අරමුණකට ඇති අවංක බව, වගකීම් වලට තිබෙන කැපවීම, පොදු අරමුණක් වෙනුවෙන් කැපවීමට තියන හැකියාව, මේ සියල්ල විනයත් සමග බැඳී තිබෙනවා. බාලදක්ෂ ව්‍යාපාරය පාසල් මට්ටමින් නගාසිටුවීමට රජයේ සහය ලබා දෙන බවද මෙහිදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.