2025 වර්ෂය ජනතා බලාපොරොත්තු ඉටු කරන වසරක්

ලබා දුන් ප්‍රතිඥාව අනුව වැඩකරමින් 2025 වසර ජනතා බලාපොරොත්තු ඉටු කරන වසර බවට පත් කර ගන්න - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

රාජ්‍ය සේවකයින් ලෙස ලබා දුන් ප්‍රතිඥාව අනුව කටයුතු කරමින් 2025 වර්ෂය ජනතා බලාපොරොත්තු ඉටු කරන වසරක් බවට පත් කර යුතු බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශයේ සහ ඒ යටතේ ක්‍රියාත්මක වෘත්තීය අධ්‍යාපන අංශයේ සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නව වසරේ වැඩ ආරම්භ කිරීමේ අවස්ථාවන්ට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළා ය. අමාත්‍යාංශ පරිශ්‍රයේ සියලු ඒකක වෙත ගිය අග්‍රාමාත්‍යවරිය නිලධාරීන් රාජකාරියේදි මුහුණ දෙන ගැටළු පිලිබඳව සිය අවධානය යොමු කළා ය.