කළමනාකරණ යටිතල පහසුකම් සදහා ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම මත ජපාන රජය විසින් යෙන් මිලියන 300 ක් ප්‍රදාන ආධාර ලබා දීම සඳහා එකඟත්වය පළ කර ඇත.

ශ්‍රී ලංකාව පිරිසිදු තිරසාර සහ පාරිසරික වගකීම් සහිත මොඩලයක් බවට පත් කිරීම Clean Sri Lanka වැඩසටහන යටතේ අපේක්ෂා කරනු ලැබේ.

ඒ සඳහා වැඩි දියුණු කළ කසළ කළමනාකරණ යටිතල පහසුකම් නොමැති වීම Clean Sri Lanka දැක්ම ළඟා කර ගැනීමට ප්‍රධාන බාධාවක් ලෙස හඳුනාගෙන ඇත.

මෙම ව්‍යාපෘතිය රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කරනු ලබන අතර එකී ව්‍යාපෘතිය යටතේ බස්නාහිර පළාත සඳහා 14ක්, නැගෙනහිර පළාත සඳහා 8ක් සහ උතුරු පළාත සඳහා 06ක් වශයෙන් Garbage Compactors බෙදාහැරීමට යෝජිතය.

ඒ අනුව, ජපාන ආර්ථික සහ සමාජ සංවර්ධන වැඩසටහන යටතේ එකී ප්‍රදානය ලබා ගැනීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



2025 වර්ෂය ජනතා බලාපොරොත්තු ඉටු කරන වසරක්

ලබා දුන් ප්‍රතිඥාව අනුව වැඩකරමින් 2025 වසර ජනතා බලාපොරොත්තු ඉටු කරන වසර බවට පත් කර ගන්න - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

රාජ්‍ය සේවකයින් ලෙස ලබා දුන් ප්‍රතිඥාව අනුව කටයුතු කරමින් 2025 වර්ෂය ජනතා බලාපොරොත්තු ඉටු කරන වසරක් බවට පත් කර යුතු බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශයේ සහ ඒ යටතේ ක්‍රියාත්මක වෘත්තීය අධ්‍යාපන අංශයේ සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නව වසරේ වැඩ ආරම්භ කිරීමේ අවස්ථාවන්ට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළා ය. අමාත්‍යාංශ පරිශ්‍රයේ සියලු ඒකක වෙත ගිය අග්‍රාමාත්‍යවරිය නිලධාරීන් රාජකාරියේදි මුහුණ දෙන ගැටළු පිලිබඳව සිය අවධානය යොමු කළා ය.