ඒ සඳහා වැඩි දියුණු කළ කසළ කළමනාකරණ යටිතල පහසුකම් නොමැති වීම Clean Sri Lanka දැක්ම ළඟා කර ගැනීමට ප්‍රධාන බාධාවක් ලෙස හඳුනාගෙන ඇත.
මෙම ව්‍යාපෘතිය රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කරනු ලබන අතර එකී ව්‍යාපෘතිය යටතේ බස්නාහිර පළාත සඳහා 14ක්, නැගෙනහිර පළාත සඳහා 8ක් සහ උතුරු පළාත සඳහා 06ක් වශයෙන් Garbage Compactors බෙදාහැරීමට යෝජිතය.
ඒ අනුව, ජපාන ආර්ථික සහ සමාජ සංවර්ධන වැඩසටහන යටතේ එකී ප්‍රදානය ලබා ගැනීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.