පෙර පාසල් දරුවන්ගේ උදෑසන ආහාර වේල ලබා දීමේ වැඩසටහන ඉදිරියටත් ක්‍රියාත්මකයි
දේශීය වෛද්‍ය ක්ෂේත්‍රය ප්‍රධාන ධාරාවන් තුනක් යටතේ සංවර්ධනයට සැළසුම්
ලොවක් රස ගැන් වූ තබ්ලාව නිහඬ වෙයි
නව කථානායක ලෙස වෛද්‍ය ජගත් වික්‍රමරත්න පත් කෙරේ
ජනපති සහ ඉන්දීය මහා පරිමාණ ව්‍යාපාරික නියෝජිතයින් අතර සාකච්ඡාවක්
ජනාධිපති අනුර කුමාර දිසානායක ඇතුළු දූත පිරිස ඉන්දියාවේ නවදිල්ලි නුවරට ළඟාවෙයි - ඉන්දීය රජයෙන් උණුසුම් පිළිගැනීමක්
2034 FIFA ලෝක කුසලානයේ සත්කාරකත්වය සෞදි අරාබියට
දියුණු ශ්‍රී ලංකාවක් ගොඩනැගීම සඳහා වත්මන් රජය ගෙන යන වැඩපිළිවෙළට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහාය
දෙරට අතර පවතින දිගු කාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරමින් ශ්‍රී ලංකාවට අවශ්‍ය ඕනෑම අවස්ථාවක ඕනෑම සහායක් ලබාදීමට කටයුතු කරන බවට ද තනාපතිවරයා මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවේ සහතික විය.
ඉදිරියේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරයකට එක්වන ලෙසද ඛලීඩ් නසර් අල් අමේරි මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ආරාධනා කළේය.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකාවේ තානාපති කාර්යාලයේ පූර්ණ බලැති මිනිස්ටර් ධුරය හොබවන අහමඩ් එම්.ඒ.ඒ. අල් ෂෙහි මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ශ්‍රී ලංකා ක්‍රිකට් පිල නවසීලන්තයේ සංචාරයක
පුද්ගල ඇතුළාන්තය විනය ගරුක නොවී බාහිරින් විනය පෙන්නලා වැඩැක් නෑ , බාලදක්ෂ ව්‍යාපාරයේ ආකල්ප රටට ඉතා වැදගත් - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය -
බාල දක්ෂ ව්‍යාපාරයේ අරමුණ ළමා පරපුර යහපත් පුරවැසියන් පිරිසක් බවට පත් කිරීමයි. අපේ රජයටත් ඒ අරමුණ ඉතාමත් වැදගත්, මේ රටේ දරුවන්ට හොදම දේ ලැබිය යුතුයි. හොදම දේ කියන්නේ දරුවන්ට තමන්ගේ පෞරුෂය දියුණු කර ගන්නත්, කුසලතා බාධාවකින් තොරව දියුණු කරගන්න අවස්ථා සලසා දෙමින් ආණ්ඩුව කැපවෙන එකයි.
මෙ වැනි ව්‍යාපාර ඉතා වැදගත් රටේ අරමුණ කරා යන්න. බාලදක්ෂ ව්‍යාපාරය මගින් ළමා මනස තුළ යහපත් වටපිටාවක් නිර්මාණය කරනවා. අභියෝග වලට මුහුණ දෙන්න හුරු කරනවා. බාල දක්ෂ ව්‍යාපාරය අපේ රජයේ clean Sri llanka වැඩසටහනට සම්බන්ධ කර ගන්න කියලා බාල දක්ෂ කොමසාරිස්තුමා ඉල්ලීමක් කළා. අපි ඒ ගැන සතුටු වෙනවා. Clean sri lanka වැඩසටහන කියන්නේ පරිසරය පිරිසිදු කිරීම පමණක් නෙමෙයි රටේ සියලු කාර්යයන්හි විනිවිදභාවය වෙනුවෙන් කරන දෙයක්. බාල දක්ෂ වයාපාරය තුළ ඇති වටිනාකම් සහ ආකල්ප වගේම සාමුහිකත්වය ඉතා වැදගත්. අරමුණකට ඇති අවංක බව, වගකීම් වලට තිබෙන කැපවීම, පොදු අරමුණක් වෙනුවෙන් කැපවීමට තියන හැකියාව, මේ සියල්ල විනයත් සමග බැඳී තිබෙනවා. බාලදක්ෂ ව්‍යාපාරය පාසල් මට්ටමින් නගාසිටුවීමට රජයේ සහය ලබා දෙන බවද මෙහිදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
"පැණි සියඹලා" නිෂ්පාදනය එළි දැක්වෙයි
වඩා හොඳ රාජ්‍යයක් ගොඩනැඟීමේදී මාධ්‍ය එහි පිටස්තරයන් නොව කොටස්කරුවන් ලෙස සලකනවා
දේශපාලන සහ ආර්ථික කරුණුවලට අදාළව ඕනෑම අවස්ථාවක ආණ්ඩුව ප්‍රශ්න කිරීමට හෝ විවේචනය කිරීමට මාධ්‍යයට කිසිදු බාධාවක් නොමැති වුවද ජාතික සමගියට හානිදායක වන අසත්‍ය තොරතුරු වාර්තා නොකරන ලෙස ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටියේය.
රටක් ලෙස දශක ගණනාවක යුද්ධයකට අප මුහුණ දුන් බව සිහිපත් කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නැවත කිසිසේත් ජාතිවාදයට ඉඩ නොතබන බව අවධාරණය කළ අතර ජනමාධ්‍ය නිදහස කිසිඳු අයුරකින් අඩපණ කිරීමට හෝ කප්පාදු කිරීමට සූදානම් නැති බව ද කියා සිටියේය.
රට තුළ මේ වන විට සාකච්ඡාවට බඳුන්ව ඇති මාතෘකා කිහිපයක් පිළිබඳ රජයේ ස්ථාවරය මෙහිදී පැහැදිළි කළ ජනාධිපතිවරයා අද වන විට ප්‍රධාන ගැටලුවක්ව පවතින දුප්පත්කම තුරන් කිරීම සඳහා රජය ගෙන යන වැඩසටහන මෙන්ම “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන සම්බන්ධයෙන් ද මාධ්‍ය ප්‍රධානීන් දැනුවත් කළේය.
ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංසදය නියෝජනය කරන සාමාජිකයන් සහ විද්‍යුත් මාධ්‍ය ආයතන ප්‍රධානීන්, සමූහ අධ්‍යක්ෂවරුන්, ප්‍රධාන විධායක නිලධාරීන්, සාමාන්‍යාධිකාරිවරුන් ඇතුළු ඉහළ පෙළේ නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ජනපති සහ ලෝක බැංකු විධායක අධ්‍යක්ෂවරයා අතර හමුවක්
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධූරයට
ඒ මහාතා මහනුවර, ත්‍රිකුණාමලය යන කොට්ඨාස වල රාජකාරි යෙදීමෙන් අනතුරුව මානව හිමිකම් කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ, පොලිස් මාධ්‍ය කොට්ඨාසය සහ මහජන සම්බන්ධතා කොට්ඨාසයේ වැඩබලන අධ්‍යක්‍ෂ, නීති කොට්ඨාසයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ හා කන්තලේ කොට්ඨාස භාර නිලධාරී ලෙස රාජකාරි ඉටු කර ඇත.
කොළඹ ආනන්ද විද්‍යාලෙය් ආදී ශිෂ්‍යයෙකු වන ඒ මහතා පේරාදෙණි විශ්ව විද්‍යාලයේ විද්‍යාවේදී පළමු උපාධිය හා විද්‍යාව පිළිබඳව පශ්චාත් උපාධිධාරියකු වන අතර විවෘත විශ්ව විද්‍යාලයේ නීතිවේදී උපාධිධාරියෙකු ද වේ.
එමෙන්ම, ඒ මහතා පොලිස් සේවයට සම්බන්ධ දේශීය පුහුණු පාඨමාලාවන්ට අමතරව රුසියාව, තායිලන්තය, පිලිපීනය හා කම්බෝජියාව යන රටවල විදේශීය පුහුණු පාඨමාලාවන් රැසක් ද හදාරා ඇත.