පෙර පාසල් දරුවන්ගේ උදෑසන ආහාර වේල ලබා දීමේ වැඩසටහන ඉදිරියටත් ක්‍රියාත්මකයි

පෙර පාසල් දරුවන්ගේ උදෑසන ආහාර වේල ලබා දීමේ වැඩසටහන ඉදිරියටත් ක්‍රියාත්මකයි: පෙර පාසල් සහ මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානවල දරුවන් සඳහා උදෑසන ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී  තිබේ.  ලබන වසරේ දරුවන් 155,000කට පමණ මෙම වැඩසටහනින් ප්‍රතිලාභ ලබා දීමට අපේක්ෂා කෙරේ. - මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳව ජාතික ලේකම් කාර්යාලය විසින් 2017 වර්ෂයේ සිට...

අඩු බර සහිත දරුවන් වැඩි ප්‍රතිශතයක් සිටින පෙර පාසල්" යන නිර්ණායකය පදනම් කර ගෙන තෝරා ගනු ලබන මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන/පෙර පාසල්වල එම වැඩසටහන ඉදිරියට ක්‍රියාත්මක කිරීමටත් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යවරිය ඉදිරිපත් කළ එම යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ.


දේශීය වෛද්‍ය ක්ෂේත්‍රය ප්‍රධාන ධාරාවන් තුනක් යටතේ සංවර්ධනයට සැළසුම්

දේශීය වෛද්‍ය ක්ෂේත්‍රය ප්‍රධාන ධාරාවන් තුනක් යටතේ සංවර්ධනයට සැළසුම්: දේශීය වෛද්‍ය ක්ෂේත්‍රය ප්‍රධාන ධාරාවන් 03 ක් යටතේ සංවර්ධනය කිරීමට බලාපොරොත්තු වන බවත්, එම ක්ෂේත්‍රයේ ද දායකත්වයෙන් සංචාරක ව්‍යාපාරයෙන් ඩොලර් මිලියන 8500 ක ආදායම් ඉපයීමේ ඉලක්කයක් අපේක්ෂා කරන බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ අමාත්‍යධූරයට...

මෙරට ජනතාවට සෞඛ්‍ය සම්පන්න ජිවිතයක් ගත කිරීම සදහා දැනට පවතින ආයුර්වේද ක්ෂේත්‍රය සංවර්ධනයට පියවර ගැනීම, බටහිර, ආයුර්වේද, සිද්ධ, යුනානි, හෝමියෝපති, පාරම්පරික සහ දේශීය වෛද්‍ය ක්‍රමයන් ඒකාබද්ධ කර තෝරාගත් ස්ථානවල එක් ඒකකයක් ලෙස පර්යේෂණ මට්ටමෙන් ක්‍රියාත්මක කිරීම මෙන්ම සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය අරමුණු කර දේශීය ආයුර්වේද ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම යන ප්‍රධාන ධාරාවන් ත්‍රිත්වය ඔස්සේ ඉදිරි සැළසුම් සකස් කිරීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා පැවසීය.

මේ වන විට බටහිර වෛද්‍ය ක්‍රමය ක්‍රියාත්මක වන රජයේ රෝහල් 1164 ක් ද, ආයුර්වේද අංශයේ රෝහල් 112 ක් ද මෙරට සෞඛ්‍ය සේවාව තුල ක්‍රියාත්මක වන බව සිහිපත් කළ අමාත්‍යවරයා එම සෑම රෝහලක් පිළිබදවම පෞද්ගලිකව අවධානය යොමු කර දියුණූ මට්ටමට ගෙනඑ්ම තම අරමුණ බව ද සදහන් කළේය. එමෙන්ම දේශීය වෛද්‍ය ක්‍රමය මනා ලෙස සංවර්ධනය කරමින් ඉලක්ක ගතව එම වෛද්‍ය ක්‍රමයට අනන්‍ය වූ සුවිශේෂතා හදුනාගෙන ඒවා සංචාරක ව්‍යාපාරය හා බද්ධ කර සංචාරක ක්ෂේත්‍රය දියුණු කිරීම ද රජයේ ප්‍රමුඛ අරමුණක් බව ද පැවසීය.


ලොවක් රස ගැන් වූ තබ්ලාව නිහඬ වෙයි   

ලොවක් රස ගැන් වූ තබ්ලාව නිහඬ වෙයි   : ලොව විශිෂ්ටතම තබ්ලා වාදකයෙකු වන, ඉන්දීය කලාකරු සාකීර් හුසේන් මහතා  ජීවිතක්ෂයට පත්ව තිබේ. මිය යන විට ඒ මහතාගේ  වයස අවුරුදු 73 කි.   පෙනහළු ආශ්‍රිත රෝගයක් මරණයට හේතුව බව පවුලේ ඥාතීන් ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.  සාකීර් හුසේන් මහතා සිව්වතාවක් ග්‍රැමී සම්මානය දිනා ගෙ...

සාකීර් හුසේන් මහතා සිව්වතාවක් ග්‍රැමී සම්මානය දිනා ගෙන ඇති අතර ඉන්දියාවේ දෙවන ඉහළම සිවිල් සම්මානය වන පද්ම විභූෂණ සම්මානයෙන් ද ඒ මහතා පිදුම් ලබා ඇත.

 ඒ මහතාගේ පියා, තබ්ලා විශාරද උස්තාද් අල්ලා රඛා ඛාන් ය.

සාකීර් හුසේන් මහතා සිය පළමු ප්‍රසංගය පවත්වා ඇත්තේ වයස අවුරුදු හතේ දී බව ඉන්දීය වාර්තා පෙන්වා දෙයි.


නව කථානායක ලෙස වෛද්‍ය ජගත් වික්‍රමරත්න පත් කෙරේ

නව කථානායක ලෙස වෛද්‍ය ජගත් වික්‍රමරත්න පත් කෙරේ: පාර්ලිමේන්තුවේ නව කථානායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් වික්‍රමරත්න මහතා  තේරී පත් විය. නව කථානායකවරයා වෙනුවෙන් වූ යෝජනාව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විසින් ගෙන ආ අතර සභානායක බිමල් රත්නායක විසින් විසින් එය ස්ථීර කරනු ලැබීය.  


ජනපති සහ ඉන්දීය මහා පරිමාණ ව්‍යාපාරික නියෝජිතයින් අතර සාකච්ඡාවක්

ජනපති සහ ඉන්දීය මහා පරිමාණ ව්‍යාපාරික නියෝජිතයින් අතර සාකච්ඡාවක්: ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නවදිල්ලි නුවර දී ඊයේ (16) පස්වරුවේ ඉන්දීය මහා පරිමාණ ව්‍යාපාරික නියෝජිතයන් සමඟ සාකච්ඡාවකට එක් විය. ඉන්දියානු කර්මාන්ත සම්මේලනය විසින් සංවිධානය කරන ලද මෙම සාකච්ඡාවට ඉන්දියාවේ ප්‍රමුඛතම ව්‍යවසායකයන් සහභාගී විය. ශ්‍රී ලංකාවේ ආයෝජනවලට ඇත.

දෙරට අතර ආයෝජන සහ වාණිජ සම්බන්ධතා පුළුල් කිරීමේ අරමුණෙන් පැවති මෙම සාකච්ඡාවේ දී ඩිජිටල් ආර්ථික, සංචාරක, පුනර්ජනනීය බලශක්ති සහ තොරතුරු තාක්ෂණ යන ක්ෂේත්‍ර පිළිබඳව විශේෂ අවධානය යොමු කෙරිණි.

ඒ අනුව දෙරට අතර වෙළෙඳ කටයුතු මුල්කර ගනිමින් ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා පුළුල් කිරීම පිළිබඳව සාකච්ඡාවට ලක් විය.

මෙහි දී ශ්‍රී ලංකාවේ අයෝජන අවස්ථා කෙරෙහි යොමු වීමට ඉන්දීය මහා පරිමාණ ව්‍යාපාරික නියෝජිතයන් කැමැත්ත පළ කළ අතර ඒ සඳහා අවශ්‍ය ආයෝජන පහසුකම් සැපයීමට ශ්‍රී ලංකා රජය එකඟ විය.

කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ද මෙම අවස්ථාවේ දී සිය අදහස් දැක්විය.


ජනාධිපති අනුර කුමාර දිසානායක ඇතුළු දූත පිරිස ඉන්දියාවේ නවදිල්ලි නුවරට ළඟාවෙයි - ඉන්දීය රජයෙන් උණුසුම් පිළිගැනීමක්

ජනාධිපති අනුර කුමාර දිසානායක ඇතුළු දූත පිරිස ඉන්දියාවේ නවදිල්ලි නුවරට ළඟාවෙයි - ඉන්දීය රජයෙන් උණුසුම් පිළිගැනීමක්: ජනාධිපති අනුර කුමාර දිසානායක ඇතුළු දූත පිරිස ඉන්දියාවේ නවදිල්ලි නුවරට ළඟා වූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි ජනපති ඇතුළු පිරිසට ඉන්දීය රජයෙන් උණුසුම් පිළිගැනීමක් හිමි වූ බව ද සඳහන් වෙයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, ඉන්දීය උප ජනාධිපති ශ්‍රී ජග්දීප් දන්කාර් (Vice President Of India Shri Jagdeep Dhankhar), ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයිශංකර් (Dr. S. Jayashankar – Minister of External Affairs of India), ඉන්දීය සෞඛ්‍ය අමාත්‍ය ජේ.පී.නන්ද (J.P. Nanda – Minister of Health), ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී අජිත් ඩොවාල්(Shri Ajith Doval – National Security Advisor of India) ඇතුළු තවත් රාජතාන්ත්‍රිකයන් සමඟ සාකච්ඡා පැවැත්වීමට ද සැලසුම් කර තිබේ.

2034 FIFA ලෝක කුසලානයේ සත්කාරකත්වය සෞදි අරාබියට

2034 FIFA ලෝක කුසලානයේ සත්කාරකත්වය සෞදි අරාබියට: 2034 FIFA ලෝක කුසලානයේ සත්කාරකත්වය සෞදි අරාබිය බව ලෝක පාපන්දු ආයතනය වන FIFA(Fédération International de Football Association) විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ. ඊයේ (11) පැවති FIFA කොන්ග්‍රස් රැස්වීමේදී මේ බව නිල වශයෙන් නිවේදනය කෙරිණි. මීට අමතරව 2030 ලෝක කුසලානයේ සත්කාරකයන් ලෙස මොරොක්කෝව, ect.,

FIFA හි සියලුම සාමාජික රටවල් 211 ක් සහභාගී වෙමින් මෙම තීරණයට එළඹ ඇත.


දියුණු ශ්‍රී ලංකාවක් ගොඩනැගීම සඳහා වත්මන් රජය ගෙන යන වැඩපිළිවෙළට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහාය

දියුණු ශ්‍රී ලංකාවක් ගොඩනැගීම සඳහා වත්මන් රජය ගෙන යන වැඩපිළිවෙළට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහාය: දියුණු ශ්‍රී ලංකාවක් ගොඩනැගීම සඳහා වත්මන් රජය ගෙන යන වැඩපිළිවෙළට සහාය දැක්වීමට එක්සත් අරාබි එමීර් රාජ්‍ය එකඟතාව පළ කර ඇත. ශ්‍රී ලංකාව තුළ සිදු කරන ආයෝජන ප්‍රමාණය ඉහළ නැංවීමට මෙන්ම ඩිජිටල්කරණය හා නවීන තාක්ෂණය හඳුන්වා දීමට අදාලව තාක්ෂණික දැනුම ලබා දීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ...

දෙරට අතර පවතින දිගු කාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරමින් ශ්‍රී ලංකාවට අවශ්‍ය ඕනෑම අවස්ථාවක ඕනෑම සහායක් ලබාදීමට කටයුතු කරන බවට ද තනාපතිවරයා මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවේ සහතික විය.

ඉදිරියේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරයකට එක්වන ලෙසද ඛලීඩ් නසර් අල් අමේරි මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ආරාධනා කළේය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකාවේ තානාපති කාර්යාලයේ පූර්ණ බලැති මිනිස්ටර් ධුරය හොබවන අහමඩ් එම්.ඒ.ඒ. අල් ෂෙහි මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.



ශ්‍රී ලංකා ක්‍රිකට් පිල නවසීලන්තයේ සංචාරයක

ශ්‍රී ලංකා ක්‍රිකට් පිල නවසීලන්තයේ සංචාරයක: විස්සයි-20 සහ එක්දින තරග සංචාරයකට එක්වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ මස අග භාගයේදී නවසීලන්තය බලා පිටත්ව යෑමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. එහිදී ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර එක්දින තරග 03ක් සහ විස්සයි-20 තරග 03ක් ක්‍රීඩා කිරීමට නියමිතයි. ඒ අනුව දෙපිල...

තරග කාල සටහන පහතින් දැක්වේ,

NZ Shedule



පුද්ගල ඇතුළාන්තය විනය ගරුක නොවී බාහිරින් විනය පෙන්නලා වැඩැක් නෑ , බාලදක්ෂ ව්‍යාපාරයේ ආකල්ප රටට ඉතා වැදගත් - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය -

පුද්ගල ඇතුළාන්තය විනය ගරුක නොවී බාහිරින් විනය පෙන්නලා වැඩැක් නෑ , බාලදක්ෂ ව්‍යාපාරයේ ආකල්ප රටට ඉතා වැදගත් - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය -: පුද්ගල අභ්‍යනතරය විනයගරුක නොවී බාහිරින් පමණක් විනයගරුක බව පෙන්වීම ප්‍රමාණවත් නොවන බවත්, බාල දක්ෂ ව්‍යාපාරය තුළ පවතින විනයගරුක ආකල්ප රටට ඉතා වැදගත් බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.    ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය විසින් සංවිධාන කළ " ජාතික බාලදක්ෂ සම්මාන උළෙල - 2024 '&#...

බාල දක්ෂ ව්‍යාපාරයේ අරමුණ ළමා පරපුර යහපත් පුරවැසියන් පිරිසක් බවට පත් කිරීමයි. අපේ රජයටත් ඒ අරමුණ ඉතාමත් වැදගත්, මේ රටේ  දරුවන්ට හොදම දේ ලැබිය යුතුයි. හොදම දේ කියන්නේ දරුවන්ට තමන්ගේ පෞරුෂය දියුණු කර ගන්නත්, කුසලතා බාධාවකින් තොරව දියුණු කරගන්න අවස්ථා සලසා දෙමින් ආණ්ඩුව කැපවෙන එකයි. 

මෙ වැනි ව්‍යාපාර ඉතා වැදගත් රටේ අරමුණ කරා යන්න.  බාලදක්ෂ ව්‍යාපාරය මගින් ළමා මනස තුළ  යහපත් වටපිටාවක් නිර්මාණය කරනවා. අභියෝග වලට මුහුණ දෙන්න හුරු කරනවා. බාල දක්ෂ ව්‍යාපාරය අපේ රජයේ clean Sri llanka වැඩසටහනට සම්බන්ධ කර ගන්න කියලා  බාල දක්ෂ කොමසාරිස්තුමා ඉල්ලීමක් කළා. අපි ඒ ගැන සතුටු වෙනවා.  Clean sri lanka වැඩසටහන කියන්නේ පරිසරය පිරිසිදු කිරීම පමණක් නෙමෙයි රටේ සියලු  කාර්යයන්හි විනිවිදභාවය වෙනුවෙන් කරන දෙයක්.  බාල දක්ෂ වයාපාරය තුළ ඇති  වටිනාකම් සහ ආකල්ප  වගේම සාමුහිකත්වය ඉතා වැදගත්.  අරමුණකට ඇති අවංක බව, වගකීම් වලට තිබෙන කැපවීම, පොදු අරමුණක් වෙනුවෙන් කැපවීමට තියන හැකියාව, මේ සියල්ල විනයත් සමග බැඳී තිබෙනවා. බාලදක්ෂ ව්‍යාපාරය පාසල් මට්ටමින් නගාසිටුවීමට රජයේ සහය ලබා දෙන බවද මෙහිදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. 

"පැණි සියඹලා" නිෂ්පාදනය එළි දැක්වෙයි

"පැණි සියඹලා" නිෂ්පාදනය එළි දැක්වෙයි: සොරණාතොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ව්‍යවසායකයින් වැඩි දියුණු කිරීමේ අරමුණින් නව නිෂ්පාදන වෙළෙඳපොළට හඳුන්වාදීම ⁣සඳහා පුහුණු වැඩසටහනක් පසුගියදා සොරනාතොට ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී සිදු කෙරිණ. මෙම නිෂ්පාදනවලට චීනයේ වැඩි අලෙවියක් ඇති අතර, ප්‍රාදේශීය ලේකම්වරියගේ චීන සංචාරයෙන් පසු මෙම නිෂ්පාදනය...



වඩා හොඳ රාජ්‍යයක් ගොඩනැඟීමේදී මාධ්‍ය එහි පිටස්තරයන් නොව කොටස්කරුවන් ලෙස සලකනවා

වඩා හොඳ රාජ්‍යයක් ගොඩනැඟීමේදී මාධ්‍ය එහි පිටස්තරයන් නොව කොටස්කරුවන් ලෙස සලකනවා: වඩා හොඳ රාජ්‍යයක් ගොඩනඟමින් සියලු පුරවැසියන්ට මීට වඩා හොද ජීවිතයක් ලබා දීමේ කාර්යයේදී මාධ්‍ය එහි පිටස්තරයන් නොව එහිම කොටස්කරුවන් ලෙස තමා සලකන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (05) ජනාධිපති කාර්යාලයේ දී විද්‍යුත් මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ පැවති හමුව...

දේශපාලන සහ ආර්ථික කරුණුවලට අදාළව ඕනෑම අවස්ථාවක ආණ්ඩුව ප්‍රශ්න කිරීමට හෝ විවේචනය කිරීමට මාධ්‍යයට කිසිදු බාධාවක් නොමැති වුවද ජාතික සමගියට හානිදායක වන අසත්‍ය තොරතුරු වාර්තා නොකරන ලෙස ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටියේය.

රටක් ලෙස දශක ගණනාවක යුද්ධයකට අප මුහුණ දුන් බව සිහිපත් කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නැවත කිසිසේත් ජාතිවාදයට ඉඩ නොතබන බව අවධාරණය කළ අතර ජනමාධ්‍ය නිදහස කිසිඳු අයුරකින් අඩපණ කිරීමට හෝ කප්පාදු කිරීමට සූදානම් නැති බව ද කියා සිටියේය.

රට තුළ මේ වන විට සාකච්ඡාවට බඳුන්ව ඇති මාතෘකා කිහිපයක් පිළිබඳ රජයේ ස්ථාවරය මෙහිදී පැහැදිළි කළ ජනාධිපතිවරයා අද වන විට ප්‍රධාන ගැටලුවක්ව පවතින දුප්පත්කම තුරන් කිරීම සඳහා රජය ගෙන යන වැඩසටහන මෙන්ම “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන සම්බන්ධයෙන් ද මාධ්‍ය ප්‍රධානීන් දැනුවත් කළේය.

ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංසදය නියෝජනය කරන සාමාජිකයන් සහ විද්‍යුත් මාධ්‍ය ආයතන ප්‍රධානීන්, සමූහ අධ්‍යක්ෂවරුන්, ප්‍රධාන විධායක නිලධාරීන්, සාමාන්‍යාධිකාරිවරුන් ඇතුළු ඉහළ පෙළේ නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.



ජනපති සහ ලෝක බැංකු විධායක අධ්‍යක්ෂවරයා අතර හමුවක්

ජනපති සහ ලෝක බැංකු විධායක අධ්‍යක්ෂවරයා අතර හමුවක්: ලෝක බැංකුව රජයේ Clean Sri Lanka වැඩසටහනට සහාය ලබා දෙන බව පවසයි රජයේ Clean Sri Lanka වැඩසටහනට ලෝක බැංකුවේ සහාය ලබා දෙන බව ලෝක බැංකුවේ විධායක අධ්‍යක්ෂ පරමේෂ්වරන් අයියර් (Parameswaran Iyer) මහතා පැවසීය. ලෝක බැංකුවේ විධායක අධ්‍යක්ෂවරයා මේ බව සඳහන් කළේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (04) ජනාධිපති ක...

එසේම නව රජයේ ඉදිරි සංවර්ධන සැලසුම් මෙන්ම, ග්‍රාමීය දුප්පත්කම පිටුදැකීම සඳහා වන සැලසුම්, ආර්ථික ඩිජිටල්කරණ වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය ආදී ව්‍යාපෘති හා සැලසුම් පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා කළේය.

වතුකරයේ ජනතාවගේ ඉඩම් හා නිවාස ගැටලුව ඇතුළු උතුරු සහ නැගෙනහිර ජනතාව දීර්ඝ කාලයක් පුරා මුහුණ දී සිටින ගැටලුවලට  විසඳුම් සෙවීම පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස කතාබහට ලක් විය.

මෙරට කෘෂිකර්මාන්තය, ධීවර, සංචාරක, අධ්‍යාපන හා සෞඛ්‍ය යන ක්ෂේත්‍රයන් සංවර්ධනය කිරීම කෙරෙහි රජයේ ප්‍රමුඛ අවධානය යොමුව තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසුවේය.

රජයේ ඉදිරි සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කිරීම සඳහා සහාය ලබා දෙමින් එහි ආරම්භක පියවර ලෙස මෙරට උපදේශන කණ්ඩායමක් සමඟ සාකච්ඡා පැවැත්වීමට සූදානම් බව සඳහන් කළ ලෝක බැංකු විධායක අධ්‍යක්ෂවරයා රජයේ Clean Sri Lanka වැඩසටහන ඇගයීමට ලක් කළේය.

කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය   මහාචාර්ය අනිල් ජයන්ත, මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සුරියප්පෙරුම, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන මහත්වරු ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.


ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධූරයට

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධූරයට: ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිවේදී බුද්ධික මනතුංග මහතා ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි වැඩබලන පොලිස්පති විසින් 2024.12.02 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අධ්‍යක්ෂ හා පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධූරයට පත්කර ඇත. බුද්ධික මනතුංග මහතා 2014.01.01 දින පොලිස් අධිකාරිවරයෙකු වශයෙන්...

ඒ මහාතා මහනුවර, ත්‍රිකුණාමලය යන කොට්ඨාස වල රාජකාරි යෙදීමෙන් අනතුරුව මානව හිමිකම් කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ, පොලිස් මාධ්‍ය කොට්ඨාසය සහ මහජන සම්බන්ධතා කොට්ඨාසයේ වැඩබලන අධ්‍යක්‍ෂ, නීති කොට්ඨාසයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ හා කන්තලේ කොට්ඨාස භාර නිලධාරී ලෙස රාජකාරි ඉටු කර ඇත.

කොළඹ ආනන්ද විද්‍යාලෙය් ආදී ශිෂ්‍යයෙකු වන ඒ මහතා පේරාදෙණි විශ්ව විද්‍යාලයේ විද්‍යාවේදී පළමු උපාධිය හා විද්‍යාව පිළිබඳව පශ්චාත් උපාධිධාරියකු වන අතර විවෘත විශ්ව විද්‍යාලයේ නීතිවේදී උපාධිධාරියෙකු ද වේ.

එමෙන්ම, ඒ මහතා පොලිස් සේවයට සම්බන්ධ දේශීය පුහුණු පාඨමාලාවන්ට අමතරව රුසියාව, තායිලන්තය, පිලිපීනය හා කම්බෝජියාව යන රටවල විදේශීය පුහුණු පාඨමාලාවන් රැසක් ද හදාරා ඇත.

ගැඹුරු පීඩන අවපාතය ත්‍රිකුණාමලයට කිලෝමීටර් 100 ක් පමණ ඊසාන දෙසින්

ගැඹුරු පීඩන අවපාතය ත්‍රිකුණාමලයට කිලෝමීටර් 100 ක් පමණ ඊසාන දෙසින්: නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය 2024 නොවැම්බර් 28 වැනි දින පෙරවරු 02.30 ට පමණ වන විට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 100 ක් පමණ ඊසාන දෙසින් පිහිටා තිබුණි. එය දිවයිනේ නැගෙනහිර වෙරළට ආසන්නව උතුරට බරව වයඹ දෙසට ඉතා සෙමින් ගමන් කරමින් අද දින (නොවැම්බර් 28) සුළි කුණාටුවක් දක්වා තවදුරටත්...

මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයින පුරා බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර උතුරු පළාතේත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් ඉතා තද වැසි සහ තද සුළං බලාපොරොත්තු විය හැක.

දිවයිනේ උතුරු පළාතේත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති වේ. ඇතැම් ස්ථානවලට මි.මී.150 ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැක.

දිවයිනේ සෙසු ප්‍රදේශවලත් විටින් විට වැසි ඇතිවේ. උතුරු මැද සහ වයඹ පළාත්වලත්, මාතලේ සහ කෑගල්ල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී.100 ට වැඩි තද වැසි ද ඇතිවිය හැක.

උතුරු, උතුරුමැදසහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (60-70) ක පමණ ඉතා තද සුළං ඇතිවිය හැක . දිවයිනේ සෙසු ප්‍රදේශවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50)තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.



ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය පිටුදැකීමේ දින 16ක වැඩසටහන් මාලාව අගමැති ප්‍රධානත්වයෙන් ඇරඹෙයි

ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය පිටුදැකීමේ දින 16ක වැඩසටහන් මාලාව අගමැති ප්‍රධානත්වයෙන් ඇරඹෙයි

ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය (GBV) තුරන් කිරීමට සහ ශ්‍රී ලංකාව තුළ ආරක්ෂිත, සියලු දෙනා ඇතුළත් පොදු අවකාශයන් නිර්මාණය කිරීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කෙරිණ.

බහු-ආංශික සහයෝගීතාවය සහ ප්‍රතිපත්ති බලාත්මක කිරීම තුළින් GBV ආමන්ත්‍රණය කිරීමට රජය කැපවී ක්‍රියා කරන බව අග්‍රාමාත්‍යවරිය මෙහිදී අවධාරණය කළාය. මේ සඳහා සාමූහිකව ක්‍රියාකිරීමේ වැදගත්කම පිළිබඳව විශේෂයෙන් සඳහන් කළ අගමැතිවරිය මෙසේද පැවසුවාය.

"GBV-නිදහස් ශ්‍රී ලංකාවක් සඳහා වූ දැක්ම ආරම්භ වන්නේ සියලුම පුරවැසියන් සඳහා ආරක්ෂිත පොදු අවකාශයන් සමඟින්. මෙම ව්‍යාපාරය හුදෙක් සංකේතාත්මක එකක් නොවේ - මෙවැනි ප්‍රචණ්ඩත්වයන් සමාජයෙන් තුරන් කිරීමට ස්ථිර පියවර ගැනීමට සෑම පුරවැසියකුම දායක විය යුතුයි" යැයිද සඳහන් කළාය.

ප්‍රචණ්ඩත්වයට එරෙහි ප්‍රබල තේමා පාඨ රැගත් බැනර් සහ පුවරු රැගෙන නිදහස් චතුරශ්‍රයේ සිට කොළඹ මහ නගර සභාව දක්වා දැනුවත් කිරීමේ පාගමන පැවැත්වීම උත්සවයේ විශේෂත්වයක් විය. මෙම පාගමන තුළින් සහයෝගීතාව සංකේතවත් කළ අතර ආරක්ෂිත පොදු අවකාශයන් සඳහා වූ දැඩි අවශ්‍යතාවය තහවුරු කරන්නක්ද විය.

රජයේ, පෞද්ගලික අංශයේ සහ සිවිල් සමාජයේ නියෝජිතයින් ඇතුළු ප්‍රධාන පාර්ශ්වකරුවන්, ව්‍යාපාරයේ ඉලක්ක සඳහා ඔවුන්ගේ කැපවීම යළි තහවුරු කරමින් GBV වලට එරෙහිව අවම ඉවසීමේ ප්‍රතිපත්ති අනුගමනය කිරීමට සාමූහික ප්‍රතිඥාවක් ලබා දුන්හ. දින 16 ක ක්‍රියාකාරීත්වයේ නිල ආරම්භය සනිටුහන් කිරීම සඳහා කොළඹ මහ නගර සභා ගොඩනැගිල්ල තැඹිලි පැහැයෙන් ආළෝකමත් කළ අතර, GBV අවසන් කිරීමට රටේ කැපවීම පිළිබඳ විචිත්‍රවත් මතක් කිරීමක් ලෙස මෙය කැපී පෙනෙන්නක් විය.




උසස් පෙළ විභාගය හෙට ඇරඹීමට සියලු කටයුතු සූදානම් - විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර

උසස් පෙළ විභාගය හෙට ඇරඹීමට සියලු කටයුතු සූදානම් - විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර

2024 උසස් පෙළ විභාගය නොවැම්බර් 25 වනදා එනම් හෙට ආරම්භ වීමට නියමිත බවත් ඒ සඳහා සියලු කටයුතු සූදානම් බවත් විභාග කොමසාරිස් ජනරාල්  අමිත් ජයසුන්දර මහතා පවසයි.

විභාග කොමසාරිස් ජනරාල්වරයා මේ බව පැවසුවේ  ඊයේ (23) මාධ්‍යයට අදහස් දක්වමිනි.

එම විභාගය දෙසැම්බර් 22 දක්වා දින 22ක් පුරා පැවැත්වෙන බවද ඒ සඳහා අයදුම්කරුවන් 333,185ක් අයදුම්කර ඇතැයිද ඒ අතරින් පාසල් අයදුම්කරුවන් 253,390ක් හා පෞද්ගලික අයදුම්කරුවන් 79,795ක් සිටින බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පැවසුවේය.

මෙම අපේක්ෂකයන් සඳහා මුළු දිවයිනම ආවරණය වන ලෙස විභාග මධ්‍යස්ථාන 2312ක් ස්ථාපනය කර ඇතැයිද, ඒ අතරතුර උතුරු ප්‍රදේශයේ දිවයින් ආශ්‍රිතව විභාග මධ්‍යස්ථාන සම්බන්ධීකරණය කිරීම සඳහා ඩෙල්ෆ් හා නයිනතිවු දූපත් ආශ්‍රිතව මධ්‍යස්ථාන 02ක් ස්ථාපනය කර ඇතැයිද සඳහන් කළේය.

විභාග මධ්‍යස්ථාන සම්බන්ධීකරණයට මුළු දිවයිනේම සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 319ක් ප්‍රාදේශීය එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන 32ක් යටතේ ස්ථාපිත කර ඇතැයිද පැවසුවේය.

ආර්ථික ප්‍රතිසාධන වැඩසටහනෙහි සමබර ප්‍රවේශයක් ඇති කර ගන්නා ලෙස ජනපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ඉල්ලා සිටි

ආර්ථික ප්‍රතිසාධන වැඩසටහනෙහි සමබර ප්‍රවේශයක් ඇති කර ගන්නා ලෙස ජනපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ඉල්ලා සිටි: ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා සමඟ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම ඊයේ (18) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ නව රජයේ අමාත්‍යවරු පිරිසක...

තම රජය විසින් දිනා ගනු ලැබූ ජනවරමත් සමඟ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රතිසාධනය කර ගනිමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට සුදානම් බව මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නැවත වරක් තහවුරු කරනු ලැබීය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම, ජනාධිපතිවරයා ඇතුළු කණ්ඩායම විසින් ලබා ගන්නා ලද තීරණාත්මක මැතිවරණ ජයග්‍රහණය පිළිබඳව සිය සුබ පැතුම් එක් කළ අතර නව රජය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවද සඳහන් කළහ.
IMF වැඩසටහනේ සාර්ථකත්වය රඳා පවතින්නේ පවත්නා පාලනය කෙරෙහි මහජනතාවගේ විශ්වාසය ගොඩනැඟීම මත බව අවධාරණය කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනවරමට අනුව කටයුතු කිරීම තම පරිපාලනයේ වගකීම බව අවධාරණය කළේය.
ජනතාවගේ හදිසි අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් තම රජය කැපවිමෙන් කටයුතු කරන බව සඳහන් කළ ජනාධිපතිවරයා, පුරවැසියන් මුහුණ දෙන දුෂ්කරතා පිළිබඳවද සලකා බලා සමබර ප්‍රවේශයක් අනුගමනය කරන ලෙස ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ඉල්ලා සිටියේය. තම නායකත්වය යටතේ ළමා දරිද්‍රතාවය සහ මන්දපෝෂණය පිටුදැකීම මෙන්ම විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් සඳහා සහයෝගය ලබා දීම ආදී අත්‍යවශ්‍ය සුබසාධනයට ප්‍රමුඛත්වය දෙමින්, සමාජ සේවා සඳහා වන ප්‍රතිපාදන ඵලදායී ලෙස භාවිත කරන බවට ද ජනාධිපතිවරයා සහතික විය.
පසුගිය කාලයේ සමාජ සේවා වියදම් සඳහා වූ ප්‍රතිපාදන සම්පූර්ණයෙන්ම ප්‍රයෝජනයට ගෙන නොතිබූ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස මෙහිදී සඳහන් කළ අතර, සම්පත් කාර්යක්ෂමව වෙන් කිරීම සහ භාවිතය සහතික කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග අනුගමනය කිරීම පිළිබඳවද මෙහි දී ජනාධිපතිවරයාව දැනුවත් කළහ.


නව අග්‍රාමාත්‍යවරිය සහ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දෙයි

නව අග්‍රාමාත්‍යවරිය සහ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දෙයි: නව අමාත්‍ය මණ්ඩලය 21 යි ආරක්ෂක , මුදල් සැලසුම් සහ ආර්ථික සංවර්ධන, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශ ජනාධිපතිවරයා යටතට අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ අග්‍රාමාත්‍යවරිය යටතට ජාතික ජන බලවේගය රජයේ නව අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (18) පෙරවරුවේ දිවුරුම් දුන්නේය.

නව රජයේ අග්‍රාමාත්‍යවරිය ලෙස ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය දිවුරුම් දුන් අතර කැබිනට් අමාත්‍යවරු පහත පරිදි වේ.

01 ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආරක්ෂක අමාත්‍ය
මුදල් සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය
ඩිජිටල් ආර්ථික අමාත්‍ය
02 අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය
03 විජිත හේරත් මහතා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය
04 මහාචාර්ය චන්දන අබේරත්න මහතා රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය
05 නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය
06 සරෝජා සාවිත්‍රී පෝල්රාජ් මහත්මිය කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය
07 කේ. ඩී ලාල්කාන්ත මහතා කෘෂිකර්ම, පශු සම්පත් , ඉඩම් සහ වාර්මාර්ග අමාත්‍ය
08 අනුර කරුණාතිලක මහතා නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය
09 රාමලිංගම් චන්ද්‍ර සේකර් මහතා ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය
10 මහාචාර්ය උපාලි පන්නිලගේ මහතා ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍ය
11 සුනිල් හඳුන්නෙත්ති මහතා කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය
12 ආනන්ද විජේපාල මහතා මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය
13 බිමල් රත්නායක මහතා ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය
14 මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය
15 වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය
16 සමන්ත විද්‍යාරත්න මහතා වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය
17 සුනිල් කුමාර ගමගේ මහතා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය
18 වසන්ත සමරසිංහ මහතා වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය
19 මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය
20 මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා කම්කරු අමාත්‍ය
21 ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා බලශක්ති අමාත්‍ය
22 වෛද්‍ය ධම්මික පටබැඳි මහතා පරිසර අමාත්‍ය




ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ප්‍රධාන උපදේශකවරයෙකු පත් කරයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ප්‍රධාන උපදේශකවරයෙකු පත් කරයි: ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ප්‍රධාන ජනාධිපති උපදේශකවරයා ලෙස ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා පත් කර තිබේ. ආර්ථික වර්ධනය වේගවත් කිරීම, ජාතික තරගකාරිත්වය සහ සියලු පුරවැසියන්ට සැලකිය යුතු ප්‍රතිලාභ සැලසීම අපේක්ෂා කරමින්, කලාපයේ වඩාත්ම දියුණු රටවල් හා සමගාමීව ශ්‍රී ලංකාවේ ඩිජිටල...



අගමැතිනිය සහ UNFPA නියෝජිත අතර හමුවක්

අගමැතිනිය සහ UNFPA නියෝජිත අතර හමුවක්: අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ (UNFPA) ශ්‍රී ලංකාවේ නියෝජිත Kunle Adeniyi මහතා අතර හමුවක්  ඊයේ (31) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදුවිය.  ශ්‍රී ලංකාවේ දේශපාලන තුළ වැඩිවන කාන්තා නියෝජනය පිළිබඳව ඇඩෙනියි මහතා සිය ප්‍රසාදය පළ කළේය. ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ස...


ඊශ්‍රායල් ජාතිකයින්ට හදිසි අවශ්‍යතාවයකදී දැනුම් දීම සඳහා දුරකතන අංකයක් හඳුන්වා දෙයි - පොලිස් මූලස්ථානය

ඊශ්‍රායල් ජාතිකයින්ට හදිසි අවශ්‍යතාවයකදී දැනුම් දීම සඳහා දුරකතන අංකයක් හඳුන්වා දෙයි - පොලිස් මූලස්ථානය: සංචාරකයන් වශයෙන් හෝ වෙනත් අවශ්‍යතාවයන් සඳහා ශ්‍රි ලංකාවට පැමිණ සිටින ඊශ්‍රායල් ජාතිකයෙකුට යම් පෞද්ගලික ආරක්ෂාවක් සපයා ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා පොලිස් මාධ්‍ය කොට්ඨාසය දුරකතන අංකයක් හඳුන්වා දී ඇත . ඒ සම්බන්ධයෙන් වූ මාධ්‍ය නිවේදනය පහත සඳහන් වේ.  

ශ්‍රී ලංකාවේ මාලදිවයින් මහ කොමසාරිස් ආරක්‍ෂක ලේකම්වරයා හමුවෙයි

ශ්‍රී ලංකාවේ මාලදිවයින් මහ කොමසාරිස් ආරක්‍ෂක ලේකම්වරයා හමුවෙයි: ශ්‍රී ලංකාවේ පිහිටි මාලදිවයින් ජනරජ තානාපති කාර්යාලයේ මහ කොමසාරිස් Masood Imad මහතා ඊයේ (23) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යංශයේදී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමුවිය. ආරක්‍ෂක ලේකම්වරයා විසින් තම කාර්යාලය වෙත පැමිණි මාලදි...



රුසියානු තානාපති ආරක්‍ෂක ලේකම් හමුවෙයි

රුසියානු තානාපති ආරක්‍ෂක ලේකම් හමුවෙයි: රුසියානු සමූහාණ්ඩුවේ තානාපති Levan S. Dzhagaryan මහතහතා ඊයේ (ඔක් 18) ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේදී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමුවිය. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශය වෙත පැමිණි රුසියානු තානාපතිවරයා ආරක්‍ෂක ලේකම්වරයා...

අගමැතිණිය හා විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගම් අතර සාකච්ඡාවක්

අගමැතිණිය හා විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගම් අතර සාකච්ඡාවක්: අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හා ශිෂ්‍ය සංගම් අතර අද (17) දින පැවති සාකච්ඡාවේ දී විශ්ව විද්‍යාල සිසුන්ගේ අධ්‍යයන කටයුතු සහ ශිෂ්‍ය සුබසාධනය සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල සිසුන් මෙතෙක් මුහුණ දුන් නොවිසඳුණු ගැටලු රාශියක් පිළිබදව අවධානය යොමු කෙරුණි. මෙම සාකච්ඡාව සදහා විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ස...



විධිමත් මාර්ග සංවර්ධනය ග්‍රාමීය ආර්ථික සංවර්ධනයට ඉවහල් වෙනවා - ජනපති

විධිමත් මාර්ග සංවර්ධනය ග්‍රාමීය ආර්ථික සංවර්ධනයට ඉවහල් වෙනවා - ජනපති: මාර්ග සංවර්ධන ව්‍යාපෘති විධිමත් සහ කාර්යක්ෂම කිරීම ග්‍රාමීය ආර්ථික සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට ඉවහල් වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දුන්නේය. එසේම ග්‍රාමීය මාර්ග සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී ප්‍රසම්පාදන ක්‍රියාවලිය විධිමත් විය යුතු බවත්, කිහිප දෙනෙකු අතට කොන්ත්‍රාත් ලැබෙනවා...


ගෝලීය අවශ්‍යතා නිසි පරිදි සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය හා සම්බන්ධ ඉදිරි සැලසුම් සකස් විය යුතුයි

ගෝලීය අවශ්‍යතා නිසි පරිදි සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය හා සම්බන්ධ ඉදිරි සැලසුම් සකස් විය යුතුයි: • දරුවන්ට හිතකර පරිසරයක් නිර්මාණය වන සහ සියලුම දරුවන්ට අධ්‍යාපනයෙහි ප්‍රවේශය සැලසෙන පාසල් අධ්‍යාපන ප්‍රතිසංවිධානයක් සිදු කිරීමට විශේෂ අවධානය ගෝලීය අවශ්‍යතා නිසි පරිදි සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සම්බන්ධයෙන් වන ඉදිරි සැලසුම් සකස් විය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය...

පුවත් ආවරණය news.lk

දෙවන විස්සයි-20 තරඟයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්

දෙවන විස්සයි-20 තරඟයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්: ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ඊයේ(15) පැවති දෙවන විස්සයි-20 තරඟයෙන් ලකුණු 73ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ඒ ලකුණු 163ක ඉලක්කයක් හඹා ගිය කොදෙව්වන් ලකුණු 89කට සීමා කරමින්. ඒ අනුව තරඟ 3කින් සමන්විත විස්සයි-20 තරඟාවලිය දෙපිලම එක් තරඟය බැගින් ජයගෙන සම තත්වයක පසුවන...



සුදු සැරයටිය හඳුන්වා දී වසර 103 යි  

සුදු සැරයටිය හඳුන්වා දී වසර 103 යි  : ලෝක සුදු සැරයටි සුරක්ෂා දිනය දෘශ්‍යාබාධිත පුද්ගලයන් වෙනුවෙන් වෙන්වූ දිනයයි. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ මෙන්ම ලෝකයේම සිටින දෘෂ්ටි ඌණතා පිරිසට ඔවුන්ගේ ආරක්ෂක භටයෙක් ලෙස සිටින්නේ මෙම සුදු සැරයටියයි. තාක්ෂණික දියුණුව තිබියදීත් දෘශ්‍යාබාධිත හෝ අන්ධ වූ මිලියන සංඛ්‍යාත මිනිසුන්ට තවමත් ස්වාධීනව හා ආරක්ෂිතව ගමන්...

පුවත් ආවරණය News.lk

තද වැසි, තද සුළං සහ මුහුද රළු වීම පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

තද වැසි, තද සුළං සහ මුහුද රළු වීම පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්: මධ්‍යම බෙන්ගාල බොක්ක ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය, ඊයේ (15) ප.ව. 11.30 දක්වා වන විටත් 11.8N සහ 84.0E ආසන්නයේ කේන්ද්‍රගතව පැවතිණි. එය බටහිරට බරව-වයඹ දිශාවට ගමන් කරමින්, පීඩන අවපාතයක් ලෙස වර්ධනය වී හෙට (17) දින උතුරු තමිල්නාඩු, පුදුවෙරි සහ ආසන්න දකුණු අන්ද්‍රා ප්‍රදේශ වෙරළ වෙත ළඟා වනු ඇති බවට කාලගුණ...

පුවත් ආවරණය News.lk

සිවින් ගුවන් සේවාව පිළිබඳව දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනක්

සිවින් ගුවන් සේවාව පිළිබඳව දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනක්: සිවිල් ගුවන් සේවා අධිකාරිය සහ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව එක්ව දිවයිනේ විවිධ පළාත්වල දරු දැරියන් සඳහා සිවිල් ගුවන් සේවා අධිකාරිය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගිය දා (14) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පරිශ්‍රයේ දී පැවැත්විණි. මෙම අවස්ථාවට සහභාගී වූ සිසු දරු දැරියන් සඳහා සිවිල් ගුවන්...

https://sinhala.news.lk/news/political-current-affairs/item/59047-civil-aviation

මාධ්‍ය උපමාන සමාජ මාධ්‍යයන්ට ද අදාළයි - නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්

මාධ්‍ය උපමාන සමාජ මාධ්‍යයන්ට ද අදාළයි - නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්: මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කරන ලද මාධ්‍ය උපමාන සමාජ මාධ්‍ය සඳහාද අදාළ වන බවත් මැතිවරණ කාල සීමාව තුළ මෙම උපමානවලට අනුව සමාජ මාධ්‍ය කටයුතු කළ යුතු බවත්  ඉදිරියේදී මාධ්‍ය ආචාර ධර්ම ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට කටයුතු කරන බවත්  මැතිවරණ නියොජ්‍ය කොමසාරිස් පියුමි ආටිගල මෙනවිය පවසයි. රජයේ ප්‍රවෘ...

පුවත් ආවරණය News.lk

අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අඩු ‌කෙරේ

අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අඩු ‌කෙරේ: මහජනතාවට සහන සැපයීමේ අරමුණෙන් සතොස ආයතනය අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අඩු කර ඇති බව නිවෙදනය කර තිබේ. ඒ අනුව එම මිල ගණන් අඩු කළ භාණ්ඩ අද (09) සිට දිවයින පුරා පිහිටා ඇති සතොස අලෙවිසැල් පාරිභෝගිකයන්ට ලබා ගත හැකි බවද එම නිවේදනයේ සඳහන් වේ. එම නිවේදනය පහතින් දැක්වේ.

පුවත් ආවරණය News.lk

Find Services in Sri Lanka

Welcome to Lankadanweempituwa.com: Your Ultimate Local Service Directory in Sri Lanka

ලුහුඩු දැන්වීම් පලකරන වෙබ් අඩවි අතර Lankadanweempituwa.com, ශ්‍රී ලංකාවේ රැකියා ඇබෑර් තු, විවාහ යෝජනා, වාහන, දේපල, සහ  දේශිය ව්‍යාපාර සහ සේවාවන්   ප්‍රවර්ධනය සහ ප්‍රචාරය කරන තවත් සුවිශේෂි වෙබ් අඩවියකි. ඔබේ අවශ්‍යතාවයන්ට අදාළ සියලුම තොරතුරු පහසුවෙන් සොයාගත හැකි ආකාරයෙන් සරලව සැලසූම් කල මෙම වෙබ් අඩවිය, ඔබට ශ්‍රී ලංකාවේ විවිධ අංශවලින් හොඳම දේ තෝරාගත හැකි එකම තැන වේ. 

Lankadanweempituwa.com වෙබ් අඩවියෙන් ඔබට ඔබේ ජීවිතය සරල සහ සාර්ථක කර ගැනීමට අවශ්‍ය සියලුම තොරතුරු පහසුවෙන් ලබා ගත හැකිය.


In the vibrant and diverse landscape of Sri Lanka, navigating the myriad of service providers can often be a daunting task. Whether you're a local resident seeking trusted establishments or a visitor exploring the island's offerings, Lankadanweempituwa.com is your comprehensive guide to the best local services across various sectors.

Explore Diverse Categories

Our platform encompasses a wide range of categories, ensuring that you find precisely what you're looking for:



marriAge proposals

Marriage proposals 

Brides and grooms


VEHICLES

Car, Motor Cycles and three-wheelers

and Other vehicles


PROPERTIES

Lands, Building and Other Properties

Businesses

PHONEREPAIR

Phone Repair Centers

Businesses

HAIRSALONS

Ladies and Gents Saloons

Businesses

GYM & FITNESS

Gyms and fitness centers

Businesses

WHOLESALE SHOPS

Whole Sales shops in Sri Lanka

2024 ජනාධිපතිවරන‍යේ 50% ක ජයක් අපේක්ෂකයෙකුට ලබාගත හැකි ද?

මෙවර 50% ක ජයක් අපේක්ෂකයෙකුට ලබාගත හැකි ද? … ගණකාධිකාරී  ඇසින්…. 

ජනාධිපතිවරණයේ ජය ශ්‍රී ලංකාවේ අනාගතයේ විජයක්ග්‍රහනයක් කරගත හැකිද? 

2024 ජනාධිපතිවරනය ලංකා දේශයේ හැරවුම් ලක්ෂයක් වියහැකි නිසා අනාවැකිකරුවන්, ජොතිර් වේදීන්, වියතුන්, සහ මාධ්‍යෙව්දීන් වැනි  විවිධ පාර්ශයවන් ඒ අයගේ දැනුමට අනුව අනාවැකි ඉදිරිපත් කරන අතර ගිණුම්කරනය තුලින් පසුගිය මැතිවරනය සමග සාමානය ජනතාවගේ සිතුම් පැතුම් සසදා ඒ  අනුව කුමන ආකාරයක ප්‍රතිපලයක් ලැබේද යන්න පිලිබද පුරෝකතනයක් ඉදිරිපත් කරන අතර, ලංකිකයන්ට අමතක වී ඇති අප දේශයේ අතීතය ගැන කෙටි මතක්කර දීමක් සහ අනාගතය කෙසේ විය යුතුදැයි සාමානය ජනයාගෙන් කෙනෙක් විදිහට අදහසක් ඉදිරිපත් කරමි.


අතීතයේ මහා හෙළ උරුමයකට සහ උත්තරීතර රාජවංශයකට උරුමකම් කියන ලද ලංකික අපිට මේ වන විට ඒ ඉතිහාසය 

පුදුමාකාර ලෙස අමතක වූ ජාතියක් බවට පත් වී  තිබෙනවා. 


ඊට හේතු ලෙස මීට දසක 20කට පෙර දී එනම් 1815දී ලංකා රාජ වංශය අහොසි වීමත්, මීට දසක 51 ට පෙර සිට සිදුවු විවිද

ආක්‍රමන හේතුවෙන් ලංකික හෙල ජාන වෙනස් විමත් සමගය.


කෙටියෙන් මතක් කලොත්

1508 -1658 දක්වා පෘතුගීසි ආක්‍රමනය සහ ඔවුන් ගේ වසර 100 ක පමණ කාලය තුල සිදුවු විපර්යාසය. 

මේ කාලය තුල කොට්ටේ රාජධානියේ අවසාන රාජඅභිෂෙක ලත්, ලංකා රාජපරපුරේ වීදිය බණ්ඩාර සහ සමුදුදේවියගේ පුත්

හත්වන බුවනේකබාහු රජුගේ මුනුපුරා වන 1551 සිට 1597 දක්වා වසර 46ක් රජ කල ධර්මපාල රජු 1556 දී 70,000 ලංකිකයන්

සමග ඔවුන්ගේ ආගමට බැදී ලංකා රාජය තෑගි ඔප්පුවකින් පෘතුගීසන්ට බාරදී දොන් ජුවන් ධර්මපාල ලෙස ඔවුන්ගේ රජෙක්

බවට පත්විම. ඒ කාලය තුල පෘතුගිසි ලේ සමග මිශ්‍රවු පරපුරක් ලංකාව තුල බිහිවීය. 1508 අහම්බෙන් ලංකාවට පැමිනි ඔවුන්

දසක 5 ක් තුල ලංකාවේ රජුගේ සහ ලංකිකයන්ගේ සිත් වෙනස් කර ඔවුන්ගේ බලය පතුරා තිබීම.


1658-1796 දක්වා කාලය තුල ලංදේසින් විසින් බේදබින්න කරන ලද සිංහලයනගේ දුර්වල කම් නිසා තවත් වසර 138 පමණ

කාලයක් ඔවුන්ගේ පාලනයක් ගෙනයමින් ලංකාව තුල ලංදේසි නීතියද ස්තාපිත කරමින් සිංහල ජාතිය පරගැති අදහස් සමග

මිශ්‍ර කර තිබීම.


1976-1948 දක්වා ඉංග්‍රිසින් විසින් නැවත ආක්‍රමනය කල අප ලංකාව 1815 දී ලංකා රජවංශය අවසන් කර, රජුද සිරගතකර

සම්පුරන යටත් විජිතයක් බවට පත්කරගත්තා. 1948 දක්වා ඔවුන්ගේ පහත් පාලන සමය තුල ලංකිකයන්ගේ හෙල දැනුම,

සම්පත්, ගතිගුන, සාරදරම වගේම සුලු දෙයටත් බේදබින්න වන ආත්මාර්තකාමි ලගින්ම ඉන්න අයටත් මඩ ගහන නින්දා

කරන කලු සුද්දන් බවට පත්වී තිබෙනවා. 


1948 සිට 1978 දක්වා සෙනට් සභා සහ ජනරජ ආණ්ඩුවක් ලෙස පැවති කාලය තුල නිදහස සදහා සටන් කල පක්ෂ සමග

නව පක්ෂ ඇතිවීමට පටන් ගත් අතර 1978 පසු විධායක ජනාධිපති ධුරය සමග 2024 අද දක්වා ලියාපදිංචි ක්‍රියාකාරි පක්ෂ

77 ක් ඇතිවී තිබෙනවා.

ජාති වශයෙන් ආගම් වශයෙන් වගේම එකම ජාතියක් මතවාදී වශයෙන් මෙසේ විවිධ පක්ෂ පාට වලට බෙදි එකිනෙකගේ ක්‍රියවන්ට පහත් විදිහට මඩ ගසමින් මෙතෙක් කල් කිසිදු ආරථික හා රටක් වශයෙන් දියුනුවක් ලබන්නට නොහැකි වි ඇති බව දැන්වත් ලංකික අපි තේරුම් ගතයුතුයි නේද?. 

පසුගිය වසර 76 ක කාලය තුල තවමත් ලොකයේ දුප්පත්, දියුනුවෙමින් පවතින රටක් ලෙස ලේබල් ගසාගෙන ඉන්නේ ඇයි?. 

අතීතයේ ලාංකිකයන් සැමවිටම පරාර්තකාමිව අනාගත රටේ දියුනුව ගැන සිතා කටයුතු කල අය. තාමගේ පුද්ගලික දියුනුවට ගේදොර හදනවා වෙනුවට මහ වැව් දාගැබ්, වගේම කුඹුරු වතුපිටි දියනුකර සැම අතින්ම සමෘර් දිමත් ව වෙනරටවල් වලට පවා අතිරික්ත යවා තිබෙනවා. ආක්‍රමන නොවුනානම් සහ එදා බේද බින්න නොවුනානම් අදටත් මේ රට දියුනු රාජයක්.

දැන්වත් අනේකාගේ වැරදිම සොය සොයා කුලල් කා නොගෙන, අපේ රටේ සම්පත් අපිම නාස්ති කර නොගෙන, අපේ සදාචාර නීතින් අපිම බාල්දු කර නොගෙන, එකම ලාංකික පිරිසක් ලෙස පැහැදිලි ප්‍රතිපත්තියක් සහ නිවැරදි සිස්ටම් එකකට වැඩ කරන අපේ රට ගුණ ධර්ම වලින් වගේම ආර් තික, සාමාජිය දේශපාලනික වශයෙන්  සහ නවීන තාක්ෂනයෙන් ද දියුනු රටක් බවට පත්කරගමු. 


පසුගිය වසර 76ක අපට වැරදුන තැන් අපි හදුනාගමු.

අපේ රට පාලනය කල නායකයන්, ඇමතිවරු, මැතිවරු අතින්  දැනුවත්ව හෝ නොදැනුවත්ව වැරදි සිදුවී ඇති. මේ රට නිදහස

ලබා වසර 76ක්

ගියත් තවම පැහැදිලි දියුනුවක් නොදකින්නේ ඒ නිසයි. 


ඒ වරදට ඔවුන් වගේම තනි තනිව ඔබත් මමත් වැරදි කාරයන් වී තියෙනවා. රටක දියුනුවට ඒ රටේ මිනිසුන් තමා අතින්

වරදක් සිදුවි ඇති බව පෙන්වා දුන් විට එය ඇත්ත බව පිලිගෙන නැවත කිසිදා එවැනි වරදක් නොවන විදිහට කටයුතු කල යුතුයි.

වරදට දඩුවම් දිය යුත්තේ ඒ වරද නිවැරදි කරගැනීම සදහා ම පමනයි. එය ඒ කල ක්‍රියාවේ වරද නිවැරදි කිරීම සදහා පමනක් වියයුතුයි. 

ශිෂ්ටසම්පන්න නීතියක් ඇති රටක වරද කල පුත්ගලයාගේ සහ පරම්පරාවේම  ප්‍රතිරුපය මඩගසා නින්දා කලයුතු නැත. අද අපේ රට මේ තරමටම එකෙකුට එකේක නැති බේද බින්න ජාතියක් වෙලා තියෙන්නේ මේ නිසා. 

නීතිය සැමට සමාන නොවුන තැන මෙවැනි දේ සිදුවෙයි. වරද නිවැරදි කිරීමේ අරමුනින් සැමට නීතිය සමාන වියයුතුයි.


ඒ වගේම තනි තනිව ඔබත් මමත් අපේ අතින් ගෙදරට, අසල් වාසීන්ට, ගමට. රටට සිදුවන සුළු සුළු වැරදි පවා නොකර රටේ දියුනුව

ගැන සිතමු. 


  • ඔබ ඔබේ ගෙදර කුණුටික, ඉවත දාන දෙය පාරට, පොදු ස්තානයකට විසි කරනවාද?

  • තැන තැන කෙල ගසා, ටොපි කොලය, බස් ටිකට් පත තැන තැන විසිකරනවද?

  • ඉස්පිරිතාලයට, බස් එකට යන විට පෝලිම පනිනවද?.

  • බයිසිකලයක, වාහනයක යන විට අනිකාට කරදරකාරි විදිහට හැසිරෙනවාද?.

  • වැඩකරන තැන, පොදු ස්තානයක තිබෙන පෑනක්, කොලයක් හොරකන් කරනවාද?.

  • පගාවක් දීලා තමාගේ වැඩේ කොහොම හරි කරගන්න බලනවාද?.

  • අනිකාට මොනව උනත් මගේ දේ කරගන්නවා කියන අදහසේ ඉන්වාද?.

  • හොර ලේඛන, අසත්‍ය තොරතුරු ඉදිරිපත්කරනවාද?.

  • පොදු පරිහරනයට ඇතිදේ විනාස කරනවාද?. අයුතු ලෙස පරිහරනය කරනවාද?

  • කෙනෙකුගේ වරදක් නිවැරදි කරනවා වෙනුවට මහා වරදක් විදිහට සමාජගත කරනවාද?

  • වැඩකරන ආයතනයේ කාරයාලයේ වැඩ අතපසු කර කල්දානවාද?.

  • ඔබගෙන් සේවාවක් ලබාගන්න එන කෙනාට පහත් විදිහට සලකනවාද?.

  • ඔබ රටට ගෙවිය යුතු බදුමුදල් වංචා කර පැහැර හරිනවාද?.

  • දේශිය නිෂ්පාදනයන් බාල්දු කරනවාද. පිටරට දේ පමනක් අගය කරනවාද?.

  • පලදායිව රටේ දියුනුවට යෙදවිය යුතු කාලය නිකරුනේ ගේවා දමනවාද?.


ඔබ අතිනුත් මේ එකක් හෝ සිදුවෙනවානම් රටේ දියුනුව ආපස්සට ගෙනියන්නට ඔබත් දායක වෙලා.

නිවැරදි අවංක නායකෙටයකුට වගේම අපි අපිටත් වගකීමක් තියෙනවා රට දියුනුකරන්න.


මෙවර ජන්දයේ දී ඔබේ නායකයා,

  • රටේ දියුනුවට සැබෑ උවනමාවක් තියෙන කෙනෙක්ද බලන්න.  

  • තමන්ගේ ප්‍රතිපත්ති වසර 5කට නොව රටේ අනාගතයේ එන ඔනැම නායකයෙකුට ක්‍රියාත්මක කලහැකිද බලන්න.

  • රටේ ධනය පුද්ගලික පරිහරනයට අයතා බාවිතාට නොගන්නා කෙනෙක්ද බලන්න.

  • තමාගේ වාසියට ලාබයට අනෙකාව පහත් විදිහට විවේචනය නොකරන කෙනෙක්ද බලන්න,

  • දේශිය නිෂ්පාදනවලට, දේශිය නිශ්පාදකයාට කැමති පහසුකම් සලසන්නෙක්ද බලන්න.

  • අධයාපනය, සෞඛය, නව තාක්ෂනය ගැන උපරිම උනන්දුව ඇති කෙනෙක්ද  බලන්න.

  • සමාජ සාධාරනත්වය සහ සැමට එක නීතියක් සදහා වැඩකරන්නෙක්ද බලන්න.

  • පෞද්ගලික අංශයට සහය දෙන වගේම රාජ්‍ය සේවාව විදිමත් කාර්යක්ම කිරීමේ හැකියාව ඇති කෙනෙක්ද බලන්න.

  • මත්ද්‍රවයට මත්පැනට විරුද්ද වන සහ සමාජ ආරක්ෂාව ගැන උපරිමයෙන් හිතන කෙනෙක්ද බලන්න.

  • පක්ෂය තුල සමගිව එකතුවන, සාමුහිකව විනිවිදබාවයෙන් අදහස් හුවමාරුකරන, සමගිව විසිරයන බල ලොභි නොවන කෙනෙක්ද බලන්න.


ඔබත් පාවෙන ජන්දයක් නොවී රටේ දියුනව එක සිතින් පතන පක්ෂක්ග්‍රහි නොවන සැබෑ පුරවැසියෙකු වෙන්න.


ශ්‍රි ලංකාවට ජයෙන් ජය වේවා.

ජයවීර එම්.එන්.බණ්ඩාර